ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කල දක්ෂ ක්‍රීඩිකාවක් සහ දක්ෂ පුහුණුකාරිනියක් වන ශෂිකලා සිරිවර්ධන මේ වනවිට Australia හි Brisbane නගරයේ පිහිටි National Cricket Centre හි පැවැත්වෙන Cricket Australia High Performance (Level 3) Coaching Program සඳහා සහභාගී වෙමින් සිටින බවට වර්තාවනවා.
මෙම වැඩසටහන Australia ක්‍රිකට් ක්ෂේත්‍රයේ ඉහළම මට්ටමේ වෘත්තීය පුහුණුකරණ වැඩසටහනක් ලෙස සැලකෙන අතර, එය elite coaching pathway එකේ වැදගත්ම සහ උසස්ම අවස්ථාවක් ලෙසද හැඳින්වීමට හැකියි.
මෙහිදී ඇය ඔස්ට්‍රේලියාවේ ඉහළ මට්ටමේ coaching experts සහ former international cricketers සමඟ එක්ව modern coaching techniques, performance analysis සහ high-performance training systems පිළිබඳ ගැඹුරු පුහුණුවක් ලබාගනිමින් සිටින බවටයි වාර්තාවන්නේ.
මෙම ජාත්‍යන්තර අත්දැකීම තුළින් ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරණ ක්ෂේත්‍රයට නව දැනුම, නව ප්‍රවේශ සහ වෘත්තීය මට්ටමේ coaching standards ගෙන ඒමටද හැකියාව ලැබෙන බවටයි විද්වතුන් පෙන්වා දෙන්නේ.









