ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් සංවිධානය කළ “AusLankaTV බුද්ධානු ප්‍රභා” දැවැන්ත වෙසක් කලාපයේ ජයග්‍රාහකයින් මේ වනවිට නිල වශයෙන් තෝරාගෙන තිබෙනවා.
ඔස්ට්‍රේලියාව පුරා ප්‍රාන්ත ආවරණය කරමින් පැවැත්වූ මෙම වැඩසටහන, මෙතෙක් සංවිධානය වූ විශාලතම වෙසක් සැමරුම් කලාපය ලෙසයි සැලකෙන්නේ.
රට පුරා සිටින ශ්‍රී ලාංකිකයන්ගේ නිර්මාණශීලී වෙසක් කූඩු, තොරණ්, ආලෝක සැරසිලි සහ බෞද්ධ සංස්කෘතික නිර්මාණ මෙමගින් එකම වේදිකාවක ප්‍රදර්ශනය වුණා.
මහජන මනාප ලබාදීම QR code ක්‍රමය ඔස්සේ සිදු කළ අතර, එය ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට පමණක් විවෘත වුණා.
ජයග්‍රාහකයන් සඳහා $1,500 පළමු ත්‍යාගය, $1,000 දෙවන ත්‍යාගය, $750 තෙවන ත්‍යාගය සහ $250 සැනසිලි ත්‍යාග පිරිනැමීමට නියමිතයි.
මෙම වැඩසටහනට Sanji Kaldera Associates, Sahanro Ayurveda, Home Lands Melbourne, Transco Cargo, Onaro Foods, One Tax Accountants සහ Sapling Lawyers ඇතුළු අනුග්‍රාහකයන්ගේ සහය හිමි වුණා.
ඒ අනුව ප්‍රථම ස්ථානය Vic 546න් තරඟ කළ Iranganie Vannitambyට හිමිවූ අතර දෙවන ත්‍යාගය SA 801න් තරඟ කළ H.Kashmira ටත් තුන් වන ස්ථානය VIC 535න් තරඟ කළ Thilan Sachindaටත් හිමිව තිබෙනවා.
සැනසිලි ත්‍යාග ලෙස VIC 550න් තරඟ කළ Sanath Jayatilakaටත් NSW 603 න් තරඟ කළ Anne Jepamalegeත් දිනාගෙන තිබෙනවා.
බුද්ධානු ප්‍රභා වෙසක් කලාපයේ ජයග්‍රාහකයින්ට AusLankaTV වෙතින් සුභාසිංශනය එක්කරන අතර ඊට සහභාගි වූ සියලුම තරඟකරුවන්ට AusLankaTV වෙතින් හෘදයාංගම ස්තුතිය පිරිනමනවා.











