ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් UL606 ගුවන් යානය කොළඹ සිට සිඩ්නි බලා පිටත්ව ගිය පසු අකුණු සැරයකට ලක්වී නැවත Bandaranaike International Airport වෙත ආපසු පැමිණ තිබෙනවා.
ගුවන් ගමන අතරතුර දැඩි ශබ්දයක් ඇසුණු අතර එක් එන්ජිමකින් ගිනි දැල් නිරීක්ෂණය වී ඇති බවයි වාර්තා වන්නේ.
පසුව තත්ත්වය පාලනයට ගෙන ඇති අතර මගීන්ට අකුණු සැරයක් යානයට වැදී ඇති බව දැනුම් දී තිබෙනවා.
එක් එන්ජිමකට සුළු හානියක් සිදුව ඇති බැවින් ආරක්ෂක හේතු මත සිඩ්නි ගමන ඉදිරියට ගෙන යා නොහැකි වූ බවයි ගුවන් කාර්ය මණ්ඩලය සඳහන් කර ඇත්තේ.
ඒ අනුව යානය ආරක්ෂිතව කටුනායක ගුවන් තොටුපළට ගොඩබස්වා තිබෙනවා.
මෙම සිද්ධියෙන් මගීන් හෝ කාර්ය මණ්ඩලයේ කිසිවෙකුටත් තුවාල සිදුව නැහැ.
මගීන්ට ආහාර පාන සපයමින් ඔවුන් සඳහා විකල්ප කටයුතු සූදානම් කරමින් සිටින බවයි වාර්තා වන්නේ.









