ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය SUV රථයක් වන Hyundai Tucson සම්බන්ධයෙන් හදිසි ආරක්ෂක නැවත කැඳවීමක් (recall) නිකුත් කර තිබෙනවා.
වාර්තා අනුව 2025 සහ 2026 මාදිලියේ Hyundai Tucson (NX4) රථ 36,000කට අධික සංඛ්‍යාවක් ඕස්ට්‍රේලියාව තුළ මෙම recall එකට අයත් වන අතර, Forward Collision Avoidance (FCA) පද්ධතියේ මෘදුකාංග දෝෂයක් හේතුවෙන් අවශ්‍යතාවයක් නොමැති අවස්ථාවක වුවද වාහනය හදිසියේම brake කිරීමේ අවදානමක් පවතින බවටයි හඳුනාගෙන ඇත්තේ.
බලධාරීන් පවසන්නේ මෙම දෝෂය හේතුවෙන් රථය අනපේක්ෂිත ලෙස වේගය අඩු කිරීම හෝ හදිසි තිරිංග යෙදීම සිදුවිය හැකි අතර, එමඟින් පසුපසින් පැමිණෙන වාහන සමඟ ගැටීමේ අවදානම ඉහළ යා හැකි බවයි.
Hyundai සමාගම මේ සම්බන්ධයෙන් බලපෑමට ලක්ව ඇති වාහන හිමියන්ට ලිඛිතව දැනුම්දීමට නියමිත අතර, බලයලත් Hyundai සේවා මධ්‍යස්ථාන හරහා අවශ්‍ය software update එක නොමිලේ ලබාදෙන බව සඳහන්.
ජාත්‍යන්තර වශයෙන් මෙම දෝෂය සම්බන්ධයෙන් පැමිණිලි සිය ගණනක් ලැබී ඇති අතර, හදිසි braking සිදුවීම හේතුවෙන් අනතුරු කිහිපයක් සහ තුවාල ලැබීම්ද වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.









