Australia තුළ මිලියන ගණනක ජනතාවට විදුලි බිල්පත් සම්බන්ධයෙන් සහනයක් ලැබෙන බව වාර්තා වනවා.
Australian Energy Regulator විසින් නිකුත් කළ නව Default Market Offer අනුව, මෙම වසරේ ජූලි 1 සිට New South Wales සහ දකුණු-නැගෙනහිර Queensland ප්‍රදේශවල විදුලි ගාස්තු පහළ දැමීමට නියමිතයි.
ඒ අනුව NSW ප්‍රදේශයේ ගාස්තු සියයට 3.4 සිට 5 දක්වා පහළ යන අතර, Queensland හි සියයට 7.2ක අඩුවීමක් සිදුවනවා.
එමඟින් NSW පවුල්වලට ඩොලර් 66 සිට 137 දක්වාත්, Queensland පවුල්වලට ඩොලර් 155ක පමණ ඉතිරියක් ලැබෙනු ඇති බව සඳහන්.
කෙසේවෙතත් South Australia හි විදුලි බිල්පත් සියයට 1.4කින් ඉහළ යාමට නියමිතයි.
මේ අතර, කුඩා ව්‍යාපාර සඳහා ප්‍රාන්ත තුනේම විදුලි ගාස්තු අඩු කිරීමක් සිදුවන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම Victoria ප්‍රාන්තයේද flat rate විදුලි සැලසුම් සියයට 3 සිට 8 දක්වා අඩු කරන බව ඊයේ දැනුම්දුන්නා.
ඒ අනුව සාමාන්‍ය පවුලකට වසරකට ඩොලර් 50 සිට 160 දක්වා ඉතිරි කරගැනීමේ හැකියාව ලැබෙන බවයි රජය කියාසිටියේ









