ඔබට නව විදේශ ගමන් බලපත්‍රයක් (Passport) ලැබී ඇත්නම්, එය ඔබගේ වීසා, පුරවැසිභාව අයදුම්පත හෝ දැනට පවතින වීසා සමඟ සම්බන්ධ කිරීම සඳහා හැකි ඉක්මනින් යාවත්කාලීන කළ යුතු බව Home Affairs දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ සඳහා වේගවත්ම ක්‍රමය වන්නේ ImmiAccount හරහා passport විස්තර update කිරීමයි.
මෙය සාමාන්‍යයෙන් පැය 72ක් ඇතුළත නව passport එක ඔබගේ වීසා හෝ application එකට link කරනු ලබනවා.
කෙසේවෙතත් Electronic Travel Authority (ETA) 601 වීසා හිමියන් සඳහා පැරණි ETA එක නව passport එකකට transfer කළ හැකි වන්නේ නැහැ.
එම නිසා ඔවුන් නව passport එක භාවිතා කරමින් අලුත් ETA එකක් apply කළ යුතුයි.
මේ අතර පහත අවස්ථාවලදී ImmiAccount හරහා update කළ නොහැකි බැවින් New Passport Details web form භාවිතා කළ යුතු වනවා.
එනම් Application එක ImmiAccount වෙත import කළ නොහැකි නම්, Titre de Voyage හෝ Certificate of Identity travel document භාවිතා කරන්නේ නම් හෝ Partner visa application එක ImmiAccount තුළ නොපෙන්වන්නේ නම් web form භාවිතා කිරීමට සිදුවන බවයි Home Affairs දෙපාර්තමේන්තුව පවසන්නේ.
එමෙන්ම Application ID “IRIS” ලෙස ආරම්භ වන්නේ නම්, ලිංගිකත්වය / gender වෙනස් වී ඇත්නම් හෝ Passport එකේ උපන්දිනය වෙනස් වී ඇත්නම් ද web form භාවිතා කළ යුතු වනවා.
Web Form Update සඳහා සාමාන්‍යයෙන් දින 14 ක කාලයක් ගත වන බවද සඳහන්.
මේ අතර Gender / Sex වෙනස් කිරීම සඳහා අවශ්‍ය ලේඛන වන්නේ Registered Medical Practitioner හෝ Psychologist කෙනෙකුගේ ප්‍රකාශයක්, Gender සඳහන් valid Australian passport එකක් හෝ Gender සඳහන් Birth Certificate එකකුයි.
වැඩිදුර තොරතුරු Australian Department of Home Affairs වෙබ් අඩවියෙන් ලබාගත හැකියි.









