ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ Wellbeing Research Centre විසින් නිකුත් කළ World Happiness Report අනුව, සමාජ මාධ්‍ය අධික ලෙස භාවිත කිරීම මනසට හා යහපැවැත්මට (wellbeing) අහිතකර ලෙස බලපාන බව හෙළිවී තිබෙනවා.
පර්යේෂක Michael Plant පවසන්නේ, දිනකට පැයක් පමණ සමාජ මාධ්‍ය භාවිතය හොඳ වුවද, වැඩි කාලයක් භාවිතා කරන තරමට මානසික සෞඛ්‍යය පහළ යන බවට හෙළිව ඇති බවයි.
අධ්‍යයනයට අනුව ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ එක්සත් රාජධානිය වැනි බටහිර රටවල වයස අවුරුදු 25ට අඩු තරුණයන්ගේ යහපැවැත්ම පසුගිය දශකයේදී සැලකිය යුතු ලෙස අඩුවී තිබෙනවා.
මෙය සමාජ මාධ්‍ය ව්‍යාප්තියත් සමඟ සම්බන්ධ බව සඳහන්.
මේ අතර, TikTok වැනි සමාජ මාධ්‍ය භාවිතා කරන content creators පවසන්නේ එය අවස්ථා සහ ආදායම් ලබා දුන්නද, නෙගටිව් අදහස් සහ මානසික පීඩනයද ඇති කරන බවයි.
විශේෂඥයන් පවසන්නේ සමාජ මාධ්‍ය භාවිතය සම්පූර්ණයෙන් නැවත්වීම නොව, එය සමාජ සම්බන්ධතා වැඩි කර ගැනීම සහ සීමිතව භාවිතා කිරීම වඩා වැදගත් බවයි.









