ඔස්ට්‍රේලියාව පුරාම ජනතාවට දැඩි බලපෑමක් එල්ල කරන ජීවන වියදම් අර්බුදය තවත් උග්‍ර වෙමින් පවතින බව නව වාර්තා සඳහන් කරනවා.
ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, මේ තත්ත්වය ඇතිවීමට ප්‍රධාන වශයෙන් බලපාන්නේ “triple threat” ලෙස හැඳින්වෙන කරුණු තුනක් බවයි.
ඒ අනුව ආහාර මිල ඉහළ යාම, නිවාස කුලී සහ mortgage වියදම් වැඩිවීම, සහ විදුලි හා ඉන්ධන බිල් වැඩිවීම ප්‍රධාන වනවා.
මේ හේතුවෙන් බොහෝ පවුල් දෛනික වියදම් පාලනය කිරීමට අසීරුතාවයට පත්ව ඇති අතර, මධ්‍යම ආදායම් ලබන ජනතාව පවා දැඩි ආර්ථික පීඩනයකට මුහුණ දෙමින් සිටින බව වාර්තා වෙනවා.
කෙසේවෙතත් විශේෂඥයන් පවසන්නේ, වැටුප් වර්ධනයට වඩා වේගයෙන් ජීවන වියදම් ඉහළ යාම නිසා මෙම අර්බුදය ඉදිරියටත් දිගුකාලීන ගැටලුවක් විය හැකි බවයි









