උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Beaconsfield ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලාංකික වෙළඳසැලකට ඊයේ රාත්‍රියේ පහරදීමක් සිදුව තිබෙනවා.

“Weligama Grocery” වෙළඳසැලට ඊයේ රාත්‍රියේ නාඳුනන පිරිසක් විසින් පහරදීමක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

Banner 01

ශ්‍රි ලාංකික ව්‍යාපාර කිහිපයකට පසුගිය මාස කිහිපය තුළ ද මෙවැනි අපහසුතාවට ලක්වූ අවස්ථාවන් අසන්නට ලැබුණා.

Advertisement

මෙවැනි සිදුවීම් පසුගිය කාලය පුරාම Melbourne නගරයේ විවිධ ප්‍රදේශවල වාර්තා වූ අතර, අවන්හල් සහ කුඩා ව්‍යාපාර ඉලක්ක කර ගත් ප්‍රහාර සහ සොරකම් ද ඉහළ යමින් පවතින බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් අද දිනයේත් Weligama Grocery ආයතනය සිය වැඩකටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවයි අපට දැනගන්නට ලැබුණේ.

Advertisement

මේ අතර Melbourne පුරා වාහන සොරකම් සහ වෙළඳසැල් බිඳවැටීම් වැඩිවීමත් සමඟ ජනතාව සහ ව්‍යාපාරිකයින් වැඩි අවධානයකින් සිටිය යුතු වනවා.

ඒ වෙනුවෙන් CCTV සහ Alarm පද්ධති ක්‍රියාත්මකව තබාගැනීම, වාහන ආරක්ෂිත ස්ථානවල නැවැත්වීම, ලොක් කිරීම සහ වෙළඳසැල් සඳහා Insurance cover යාවත්කාලීන කරගන්නා ලෙසයි ඔබට දැනුම්දෙන්නේ.

වික්ටෝරියා පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතිනවා.

 


උණුසුම් පුවත්

මෙල්බන් නගරයේ ජනගහන වර්ධනය සම්බන්ධයෙන් පශ්චාත් කොවිඩ් සමයෙන් පසුව සිදුකළ අලුත්ම පර්යේෂණ වාර්තාවලින් ආන්දෝලනාත්මක තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා. ඒ...

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ ඒජ් කෙයා සහ මෙඩිකෙයා සේවාවලට අදාළ වැදගත් අලුත් තොරතුරු කිහිපයක් සෞඛ්‍ය අමාත්‍ය මාක් බට්ලර් අද ප්‍රකාශ කර තිබෙනවා. ඔහු...

බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ Working Holiday Maker වීසා සඳහා Regional ප්‍රදේශවල වැඩ කිරීම අනිවාර්ය කිරීමේ යෝජනාව අගමැති Anthony Albanese ප්‍රතික්ෂේප කර තිබෙනවා....

One Nation පක්ෂය මගින් පනවා ඇති ශුද්ධ විදේශ සංක්‍රමණික ඉලක්කයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී David Farley විශේෂ පැහැදිලි කිරීමක් සිදු කර...

ඔස්ට්‍රේලියාවේ විදේශිකයන් විසින් නිවාස සහ නේවාසික දේපළ මිලදී ගැනීම සඳහා ලබාගත් අනුමැති සංඛ්‍යාව සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙනවා. 2026...

ඔස්ට්‍රේලියාවේ නිකොටින් පවුචස් තහනම් කිරීමෙන් පසු, ඒවා භාවිතා කළ හිටපු දුම්පානය කරන්නන් අතර කනස්සල්ලක් මතුවී තිබෙනවා. ඇතමුන් පවසන්නේ නිකොටින් පවුචස්...

ඔස්ට්‍රේලියාවේ වේගයෙන් වර්ධනය වන කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සඳහා අවශ්‍ය දත්ත මධ්‍යස්ථාන සම්බන්ධයෙන් අද National Cabinet හි විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. මෙම...

ඔස්ට්‍රේලියානු සංචාරකයන් සහ Credit Card භාවිතකරුවන්ට ඉදිරියේදී points, travel benefits සහ වෙනත් ත්‍යාග අඩුවිය හැකි බවට අනතුරු ඇඟවීමක් නිකුත් වී...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

මෙල්බන්වල තවත් ශ්‍රී ලාංකික වෙළඳසැලකට පහරදීමක්

Customer Data ජාවාරමක් ගැන Telco සේවකයකුට චෝදනා

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. NSW Police Financial Crimes

Read More »

ඔස්ට්‍රේලියාවේ කාලගුණය අයහපත් ප්‍රාන්ත දෙකකට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. Victoria හි ඇතැම් ප්‍රදේශවලට ගංවතුර

Read More »

මෙල්බන් Nightlife ගැන ලෝකෙම කතා වෙයි

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ විනෝදාස්වාදය සම්බන්ධයෙන් ලොව පුරා නගරවාසීන්

Read More »

ඔස්ට්‍රේලියානු Suburbs වෙනස් වෙයි හේතුව මෙන්න

ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව තිබෙනවා. විශේෂයෙන් පැරණි නිවාස සහ

Read More »

සරණාගත කෝටාව අඩු කිරීමේ සැලසුම්වලට ලේබර් මන්ත්‍රීවරුන්ගෙන් විරෝධතා

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට පළවන වාර්තා හමුවේ පක්ෂ අභ්‍යන්තරයේ

Read More »

ලංකාවේ උපත ලැබූ 88,000ක් ඔස්ට්‍රේලියාවේ පුරවැසියන්

ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත මගින් තහවුරු වනවා. ව්‍යාපාර, අධ්‍යාපන,

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom