ඔස්ට්‍රේලියාවේ Geelong නගරයේ සිදු වූ හදකම්පනීය සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
14 හැවිරිදි පිරිමි ළමයෙකු තරුණ කණ්ඩායමක් විසින් කෘෘර ලෙස පහර දී ඇති බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.
සමාජ මාධ්‍යවල පැතිර ගිය වීඩියෝවකින් දැක්වෙන්නේ එම ළමයා James Street ආසන්නයේ දී ඇදගෙන යමින් තවත් තරුණයන් පස් දෙනෙකු විසින් නැවත නැවතත් පාදයෙන් දෙන ආකාරයයි.
තවත් එක් අයෙක් එම ස්ථානයට ආරක්ෂා කරමින් සිටින බවයි වාර්තා වන්නේ.
එම පහර දීම අතරතුර වීදුරු බෝතලයක් ඔහුගේ හිස මත කඩා දැමීමක් සිදු කර ඇති බවටද චෝදනා පවතින අතර, පහර දෙන අතරතුර අසභ්‍ය වචන භාවිතා කරමින් ඔහුට අපහාස කළ බවද ඔහු සදහන් කර තිබෙනවා.
මෙම සිද්ධිය පිළිබඳව අදහස් දැක්වූ පොලිස් පරීක්ෂක Clare Murphy මෙය “අතිශය නින්දිත සහ භීතිය ඇති කරන ක්‍රියාවක්” ලෙසයි දක්වා තිබෙනවා.
විශේෂයෙන්ම මෙයට සම්බන්ධව සිටින අයගේ වයස සහ ක්‍රියාකාරීත්වයේ කෲරත්වය හේතුවෙන් මෙය වඩාත් කම්පනීය බවද ඇය සඳහන් කර තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 14 ක් වන පිරිමි ළමයින් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, අනෙක් සැකකරුවන් හඳුනාගැනීම සඳහා වැඩිදුර විමර්ශන සිදු කරන බැවි සදහන් වන්නේ.
පොලීසිය පවසන්නේ, සැකකරුවන් කවුදැයි හදුනන බවත් ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියේ පමුණුවන බවයි.
මෙම සිද්ධියත් සමග Geelong නගර මධ්‍යයේ ව්‍යාපාරිකයන් අතර ආරක්ෂාව පිළිබඳ බිය නැවතත් උද්ගත වී තිබෙනවා.









