වික්ටෝරියා ප්‍රාන්තයේ ඉන්ධන පිරවුම්හල් මගින් අත්තනෝමතික ලෙස මිල ඉහළ දැමීම වැළැක්වීම සඳහා නව දෛනික මිල පාලන නීති අද සිට ක්‍රියාත්මක වනවා.
නව නීතියට අනුව, සෑම ඉන්ධන අලෙවිසැලක්ම තම දෛනික මිල පෙර දින පස්වරු 2 වන විට තීරණය කළ යුතු අතර, එම මිල පසු දින උදෑසන 6 සිට පැය 24 පුරාම නොවෙනස්ව පවත්වා ගත යුතුයි.
දිනෙන් දින ඉහළ යන ජීවන වියදම හමුවේ පාරිභෝගික ජනතාව සුරක්ෂිත කිරීම මෙම පියවරේ අරමුණ බවයි වික්ටෝරියා අග්‍රාමාත්‍ය ජසින්ටා ඇලන් ප්‍රකාශ කළේ.
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල 30%කින් ඉහළ යාමත් සමඟ ඔස්ට්‍රේලියාව පුරා ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
පවතින අනියත බිය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල ඉන්ධන රැස් කිරීමේ ප්‍රවණතාවක් ද දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මෙම නව නීති උල්ලංඝනය කරන ඉන්ධන පිරවුම්හල් සඳහා ඩොලර් 3,000 සිට 24,000 දක්වා වූ විශාල දඩ මුදල් පැනවීමට ද රජය තීරණය කර තිබෙනවා.









