පසුගිය වසරේ ගෝල්ඩ් කෝස්ට් ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් මියගිය තුන් හැවිරිදි කුඩා දරුවාගේ දෙමාපියන්ට මනුෂ්‍ය ඝාතන සහ මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා යටතේ නඩු පවරා තිබෙනවා.
Caden Case නම් මෙම දරුවා, ඔක්තෝබර් 25 වන දින උදෑසන 5ට පමණ Stapylton අසල වනාන්තර ප්‍රදේශයකදී වාහනයක ගැටී සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලැබුවා.
ඔහු සහ මව Beenleigh Police Station වෙත ගෙන ආවත්, දරුවාගේ ජීවිතය බේරා ගැනීමට හැකිවී නැහැ.
පියා වන 24 හැවිරිදි Samuel Ian Paterson අනතුරෙන් පසු පොලිස් අත්අඩංගුවේ පසුවුණා.
මාස ගණනාවක් පුරා සිදුකළ විද්‍යාත්මක හා යාන්ත්‍රික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ අනතුර සිදුවූ අවස්ථාවේ වාහනය ධාවනය කර තිබුණේ මව බවයි.
දැනට 23 හැවිරිදි Labrador ප්‍රදේශයේ පදිංචිකාරිය වන මවට, දරුවා සම්බන්ධයෙන් මනුෂ්‍ය ඝාතන චෝදනාවක්, මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම් හා බලපත්‍ර නොමැතිව රිය පැදවීම යන චෝදනා එල්ල කර තිබෙනවා.
පියාටද දරුවෙකුට එරෙහි මනුෂ්‍ය ඝාතන චෝදනාවක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනාවක් එල්ල කර ඇති බවයි පොලීසිය කියාසිටියේ.
දෙදෙනාම අද Brisbane Magistrates Court හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.









