උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

 

ඔස්ට්‍රේලියාවේ දන්ත ප්‍රතිකාර ගාස්තු දැඩි ලෙස ඉහළ යාමත් සමඟ, අඩු වියදමින් ප්‍රතිකාර ලබා ගැනීමට ඔස්ට්‍රේලියානුවන් දහස් ගණනක් විදේශ රටවල් වෙත ගමන් කරමින් සිටින බව වාර්තා වනවා.

Banner 01

ඇස්තමේන්තුවකට අනුව, පසුගිය වසරේදී ඔස්ට්‍රේලියානුවන් 11,500කට ආසන්න පිරිසක් දන්ත ප්‍රතිකාර සඳහා විදේශ ගත වී සිටින බවයි නවතම දත්ත වලින් අනාවරණය වී ඇත්තේ.

Advertisement

ඉන්දුනීසියාව, ෆිලිපීනය, මැලේසියාව, වියට්නාමය, තායිලන්තය සහ ඉන්දියාව වැනි රටවල් මේ සඳහා ජනප්‍රිය ගමනාන්තයන් ලෙස සැලකෙනවා.

සමහර විදේශීය දන්ත සායනික මධ්‍යස්ථාන, සමාජ මාධ්‍ය හරහා සියයට 70ක් දක්වා වට්ටම් ද ප්‍රචාරය කරමින් සිටින බවද සඳහන්.

Advertisement

දත් whitening කිරීම, දත් බද්ධ කිරීම සහ Dental Crowns වැනි ප්‍රතිකාර විදේශයන්හිදී ඔස්ට්‍රේලියාවට වඩා බෙහෙවින් අඩු මිලකට ලබා ගත හැකි වුවද, විශේෂඥයින් අනතුරු අඟවන්නේ එහි සැඟවුණු අවදානම් ඇති බවයි.

Australian Dental Association පවසන්නේ, විදේශයන්හි සිදු කරන සමහර ප්‍රතිකාර ගුණාත්මක වුවද, ඇතමුන්ට නිසි දැනුවත්කමක් නොමැතිවීම, වැරදි ප්‍රතිකාර සහ පසුකාලීන පරීක්ෂණ නොමැතිවීම වැනි ගැටලු නිරීක්ෂණය වී ඇති බවයි.

තවද, විදේශයන්හි භාවිතා කරන සමහර දන්ත බද්ධ කිරීමේ කොටස් ඔස්ට්‍රේලියාවේ භාවිතයට අනුමත නොවීම නිසා, පසුව ගැටලු ඇතිවුවහොත් ඒවා සකස් කිරීම දුෂ්කර විය හැකි බවද සඳහන්.

මේ අතර, දන්ත ප්‍රතිකාර වියදම් ඉහළ යාම හේතුවෙන්, ඒ සඳහා තම Superannuation මුදල් භාවිතා කරන ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාවද පසුගිය වසර 7 තුළ දැඩි ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

කෙසේවෙතත්, විදේශගත වී ප්‍රතිකාර ලබාගත් ඇතැම් පුද්ගලයින් පවසන්නේ, තමන්ට ලැබුණු ප්‍රතිකාර සාර්ථක වූ බවයි.


උණුසුම් පුවත්

ශ්‍රී ලංකාවේ උපන් 26 හැවිරිදි රොෂේන් මෙන්ඩිස් නවසීලන්ත රාජකීය ගුවන් හමුදාවේ නියමු පුහුණුව ලබමින් සිටිනවා. වයස අවුරුදු හයේදී දැවැන්ත ගුවන්...

එළඹෙන ප්‍රාන්ත මැතිවරණයෙන් නැවත බලයට පත්වුවහොත් වික්ටෝරියානු ජනතාව සඳහා නොමිලේ දන්ත වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව අගමැති...

ඔස්ට්‍රේලියාවේ ප්‍රථම වරට ක්ෂීරපායී සතෙකුට කුරුලු උණ වැළඳී තිබෙනවා. දකුණු ඔස්ට්‍රේලියාවේ Beachport වෙරළ තීරයේ මියගොස් සිටියදී හමු වූ ‘Long-nosed fur...

ඔස්ට්‍රේලියාවේ පාසල් සිසුන්ගේ Digital devices භාවිතය සම්බන්ධයෙන් නැවත සලකා බැලිය යුතු බවට මේ වනවිට පුළුල් සාකච්ඡාවක් ඇතිවී තිබෙනවා. Federal Education...

පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර රජයේ රෝහලක ළදරු ඒකකයේ අද අලුයම බිහිසුණු ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් අලුත උපන් බිළිඳුන් 14 දෙනෙකු ජීවිතක්ෂයට...

ඔස්ට්‍රේලියාවේ දෙවන විශාලතම සුපිරි වෙළඳසැල් ජාලය වන Colesහි ප්‍රධාන විධායක නිලධාරිනී Leah Weckertගේ වාර්ෂික ප්‍රසාද දීමනාවලින් ඩොලර් 4,14,000ක මුදලක් කපා...

ඔස්ට්‍රේලියාවේ නිවාස කුලී මිල පසුගිය වසර කිහිපය තුළ දැඩි ලෙස ඉහළ ගොස් ඇති බව නව දත්ත පෙන්වනවා. Sydney, Melbourne සහ...

ක්වීන්ස්ලන්තයේ Townsville බන්ධනාගාරයට ඩ්‍රෝන යානයක් මගින් ඩොලර් මිලියනයකට අධික වටිනාකමකින් යුුුත් මත්ද්‍රව්‍ය පාර්සලයක් ගෙනයාමට උත්සාහ කළ බවට 47 හැවිරිදි පුද්ගලයෙකුට...

Victoria ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට අද සිට වැසි සහ අයහපත් කාලගුණික තත්ත්වයක් බලපානු ඇති බවට අනාවැකි පළ වී තිබෙනවා. Melbourne ඇතුළු...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

දන්ත ප්‍රතිකාර සඳහා විදේශගත වන ඔස්ට්‍රේලියානුවන්

Customer Data ජාවාරමක් ගැන Telco සේවකයකුට චෝදනා

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. NSW Police Financial Crimes

Read More »

ඔස්ට්‍රේලියාවේ කාලගුණය අයහපත් ප්‍රාන්ත දෙකකට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. Victoria හි ඇතැම් ප්‍රදේශවලට ගංවතුර

Read More »

මෙල්බන් Nightlife ගැන ලෝකෙම කතා වෙයි

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ විනෝදාස්වාදය සම්බන්ධයෙන් ලොව පුරා නගරවාසීන්

Read More »

ඔස්ට්‍රේලියානු Suburbs වෙනස් වෙයි හේතුව මෙන්න

ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව තිබෙනවා. විශේෂයෙන් පැරණි නිවාස සහ

Read More »

සරණාගත කෝටාව අඩු කිරීමේ සැලසුම්වලට ලේබර් මන්ත්‍රීවරුන්ගෙන් විරෝධතා

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට පළවන වාර්තා හමුවේ පක්ෂ අභ්‍යන්තරයේ

Read More »

ලංකාවේ උපත ලැබූ 88,000ක් ඔස්ට්‍රේලියාවේ පුරවැසියන්

ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත මගින් තහවුරු වනවා. ව්‍යාපාර, අධ්‍යාපන,

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom