ඔස්ට්‍රේලියාවේ ඩොලර් ට්‍රිලියන 4.5ක් වන Superannuation විශ්‍රාම වැටුප් අරමුදල් පද්ධතිය සම්බන්ධයෙන් දේශපාලන කරළිය උණුසුම් වී තිබෙනවා.
One Nation නායිකා Pauline Hanson සහ භාණ්ඩාගාරික Jim Chalmers අතර හටගත් වචන මාලාවක් මීට ප්‍රධාන හේතුවයි.
ලිබරල් පක්ෂයේ සහ වන් නේෂන් පක්ෂයේ ඇතැම් මැතිඇමතිවරුන් අනිවාර්ය Superannuation දායකත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමත් සමඟයි මෙම අර්බුදය ආරම්භ වූයේ.
සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් භාණ්ඩාගාරික ජිම් චාමර්ස් චෝදනා කළේ, විපක්ෂ නායකයින් එකතුවී ලේබර් පක්ෂය විසින් ගොඩනැගූ Superannuation පද්ධතිය විනාශ කිරීමට උත්සාහ කරන බවයි.
ලිබරල් සෙනෙට් සභික Andrew Bragg සහ පෝලීන් හැන්සන් එකතුවී මෙම පද්ධතිය අහෝසි කිරීමට සැරසෙන බවට ද ඔහු චෝදනා කළා.
එහෙත් මෙම චෝදනාවට ක්ෂණිකව හා දැඩි ලෙස ප්‍රතිචාර දැක්වූ පෝලීන් හැන්සන් කියාසිටියේ භාණ්ඩාගාරිකවරයා පවසන්නේ සම්පූර්ණයෙන්ම අසත්‍ය කතා බවයි.
වන් නේෂන් පක්ෂයට Superannuation පද්ධතිය අහෝසි කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව ද ජනතාව දැඩි මූල්‍ය අර්බුදයක සිටින අවස්ථාවලදී හෝ තම නිවස අහිමිවීමේ තර්ජනයට ලක්ව සිටින විට, සුපර් මුදල් ලබාගෙන එම ගැටලුවලින් ගොඩඒමට අවස්ථාව ලබාදීම තම අපේක්ෂාව බව ද පෝලීන් හැන්සන් පෙන්වා දෙනවා.
ඔස්ට්‍රේලියාවේ Super Guarantee ක්‍රමය යටතේ මේ වනවිට eligible සේවකයන් වෙනුවෙන් සේවා යෝජකයන් විසින් qualifying earnings මත 12%ක Super contribution එකක් ගෙවිය යුතුයි.
සාමාන්‍යයෙන් වයස අවුරුදු 60 හෝ 65 වන තෙක් මෙම මුදල් ලබාගත නොහැකි වුවත්, හදිසි අවස්ථාවලදී නිවාස හිමිකාරීත්වය වැනි කරුණු සඳහා මෙම මුදල් ලබාදීමට ඉඩ දිය යුතුද යන්න පිළිබඳව මේ වන විට ඔස්ට්‍රේලියාවේ දැඩි සංවාදයක් ගොඩනැගී තිබෙනවා.









