උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

වික්ටෝරියා ප්‍රාන්තයේ South-Westහි පිහිටි Portland වෙරළාශ්‍රිත ප්‍රදේශයෙන් පක්ෂීන් සිය ගණනක් අභිරහස් ලෙස මියයාමේ පුවතක් වාර්තා වනවා.

මෙම තත්ත්වය මාරාන්තික H5N1 කුරුළු උණ වෛරසය නිසා සිදුවන්නක්දැයි ප්‍රදේශවාසීන් සහ බලධාරීන් අතර දැඩි බියක් හටගෙන තිබෙනවා.

Banner 01

පසුගිය ඉරිදා සිට Portland වෙරළ තීරයේ 1.5kmක පමණ ප්‍රදේශයක් පුරා Crested Terns විශේෂයට අයත් පක්ෂීන් සිය ගණනක් මියගොස් සහ මියයමින් සිටින අයුරු දැකගත හැකි වූ බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

Advertisement

පසුගිය ජූලි මාසයේදී වික්ටෝරියා ප්‍රාන්තයේ පළමු H5N1 කුරුළු උණ සිද්ධිය පෝට්ලන්ඩ් ප්‍රදේශයෙන් වාර්තා වීම නිසා මෙම පක්ෂි මරණ ද එම වෛරසය හේතුවෙන් සිදුවූයේද යන්න පිළිබඳව පරික්ෂණ ක්‍රියාත්මකයි.

කෙසේ වෙතත්, මෙම මියගිය පක්ෂීන්ගේ සිරුරු ඉවත් කිරීමට රජයේ බලධාරීන් දක්වන ප්‍රමාදය පිළිබඳව ප්‍රදේශවාසීන් දැඩි කනස්සල්ල පළ කරනවා.

Advertisement

මෙම පක්ෂි සිරුරු අසලට වෙනත් පක්ෂීන් පැමිණීම නිසා වෛරසය සතුන් අතර වේගයෙන් පැතිරීමේ දැඩි අවදානමක් ද පවතිනවා.

තත්ත්වය පාලනය කිරීම සඳහා Portlandහි ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකු වෙරළ තීරයේ තිබූ පක්ෂි සිරුරු පොලිතීන් බෑග්වලට දමා ඉවත් කිරීමට ස්වේච්ඡාවෙන් කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තත්ත්වය මිනිසුන්ට සහ වෙනත් වනජීවීන්ට පැතිරීම වැළැක්වීම සඳහා වහාම වික්ටෝරියා ප්‍රාන්ත රජය සෘජුව මැදිහත් වී පිරිසිදු කිරීමේ කටයුතු විධිමත් කළ යුතු බවට ප්‍රදේශවාසීන් සහ සංරක්ෂණ කමිටු නියෝජිතයින් බලකර සිටිනවා.


උණුසුම් පුවත්

මෙල්බන්හි පිහිටි ප්‍රධාන පෙළේ රෝහලක් වන Royal Melbourne Hospital විසින් සිය විශේෂඥ වෛද්‍ය සායන සඳහා රෝගීන් ඇතුළත් කරගැනීම නිශ්චිත ප්‍රදේශවල...

වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදුකර තිබෙනවා. 2025 ජනවාරි මාසයේ සිට සාමාන්‍ය ගාස්තු වැඩිවීමට අමතරව තවත් සියයට...

ක්වීන්ස්ලන්තයේ Townsville බන්ධනාගාරයට ඩ්‍රෝන යානයක් මගින් ඩොලර් මිලියනයකට අධික වටිනාකමකින් යුුුත් මත්ද්‍රව්‍ය පාර්සලයක් ගෙනයාමට උත්සාහ කළ බවට 47 හැවිරිදි පුද්ගලයෙකුට...

මෙල්බන් නගරයේ ජනගහන වර්ධනය සම්බන්ධයෙන් පශ්චාත් කොවිඩ් සමයෙන් පසුව සිදුකළ අලුත්ම පර්යේෂණ වාර්තාවලින් ආන්දෝලනාත්මක තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා. ඒ...

නවසීලන්තයේ සිට Sydney වෙත පැමිණි 35 හැවිරිදි පුද්ගලයෙකුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී හමුවූ ඉලෙක්ට්‍රොනික උපකරණ දෙකකින් child abuse materials සොයා...

ඔස්ට්‍රේලියාවේ හිටපු ආගමික පූජකවරයෙකු වන ගයි නෝමන් හාචර්ට ළමා ලිංගික අපරාධ සම්බන්ධයෙන් වසර 6යි මාස 6ක සිරදඬුවමක් නියම කර තිබෙනවා....

ජංගම දුරකථන මඟින් විශාල ප්‍රමාණයේ බැක්ටීරියා, වෛරස් සහ වෙනත් ක්ෂුද්‍ර ජීවීන් රැගෙන යා හැකි බව ඔස්ට්‍රේලියාවේ සිදු කළ පර්යේෂණයකින් හෙළිවී...

ඔස්ට්‍රේලියානු මාධ්‍ය ක්ෂේත්‍රයට නව පියවරක් තබමින් AusLanka TV මාධ්‍ය ජාලය විසින් මෙහෙයවන AusTV අද නිල වශයෙන් ආරම්භ කෙරුණා. AusTV නිල...

මෙල්බන් නගරයේ විශාල සංගීත සහ ක්‍රීඩා ඉසව් සඳහා ආසන 20,000ක නව බහුකාර්ය Arena එකක් ඉදිකළ යුතු බවට ක්ෂේත්‍රයේ ප්‍රධානීන් ඉල්ලීමක්...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

South-West Victoriaහි පක්ෂීන් සිය ගණනක් අභිරහස් ලෙස මියයයි

පුංචි කාලයේ දුටු සිහිනය සැබෑ කළ ශ්‍රී ලාංකික ගුවන් නියමුවා

ශ්‍රී ලංකාවේ උපන් 26 හැවිරිදි රොෂේන් මෙන්ඩිස් නවසීලන්ත රාජකීය ගුවන් හමුදාවේ නියමු පුහුණුව ලබමින් සිටිනවා. වයස අවුරුදු හයේදී දැවැන්ත ගුවන් යානයක් දැකීමෙන් ඇති වූ ආශාව

Read More »

දීප්තිමත් කහ පැහැති සර්පයාගෙන් ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ගෙවත්තකින් දීප්තිමත් කහ සහ කළු පැහැති සර්පයෙකු හමුවී තිබෙනවා. එය විෂ රහිත Common Tree Snake වර්ගයට අයත් දුර්ලභ වර්ණයක් සහිත සර්පයෙකු බවයි හඳුනාගෙන

Read More »

මෙල්බන් Child Care Centre එකක් හදිසියේ වසා දමයි – දෙමාපියන් දැඩි අසීරුතාවක

මෙල්බන් වයඹදිග පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් හදිසියේම වසා දැමීම හේතුවෙන් දෙමාපියන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිනවා. Avondale Heights Child Care and Early Learning Centre මෙලෙස හදිසියේම

Read More »

පාකිස්තාන රෝහලක බිහිසුණු ගින්නක් – බිළිඳුන් 14ක් මරුට

පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර රජයේ රෝහලක ළදරු ඒකකයේ අද අලුයම බිහිසුණු ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් අලුත උපන් බිළිඳුන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි බලධාරීන් තහවුරු

Read More »

AI වෙනුවෙන් විදුලිය ගන්නවා නම් ඒකට වන්දිත් දෙන්න වෙයිද?

ඔස්ට්‍රේලියාවේ වේගයෙන් වර්ධනය වන කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සඳහා අවශ්‍ය දත්ත මධ්‍යස්ථාන සම්බන්ධයෙන් අද National Cabinet හි විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. මෙම දත්ත මධ්‍යස්ථාන සඳහා විශාල විදුලි

Read More »

ජනතාවටත් නොකියා වික්ටෝරියා පොදු ප්‍රවාහනයට අමතර ගාස්තුවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදුකර තිබෙනවා. 2025 ජනවාරි මාසයේ සිට සාමාන්‍ය ගාස්තු වැඩිවීමට අමතරව තවත් සියයට එකක අමතර ගාස්තුවක් ජනතාවගෙන් අය

Read More »

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom