ඔස්ට්‍රේලියාවේ පාසල්වල iPad, laptop සහ වෙනත් digital devices භාවිතය තවත් සීමා කළ යුතු බවට දෙමාපියන් සහ ගුරුවරුන්ගෙන් ඉල්ලීම් වැඩිවෙමින් තිබෙනවා.
ප්‍රාථමික පාසල්වල screen time වැඩිවීම දරුවන්ගේ අවධානය, අධ්‍යාපන ප්‍රතිඵල සහ හැසිරීම කෙරෙහි බලපාන බවට කනස්සල්ල පළවී තිබෙනවා.
මේ අතර Victoria රජය 2027 සිට Years 3 සිට 6 දක්වා සිසුන්ගේ classroom device use එක දිනකට විනාඩි 90කට සීමා කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
ඒ සමඟ smartwatches සහ headphones වැනි උපකරණත් පන්තිකාමරවල භාවිතයට සීමා පැනවීමට නියමිතයි.
ඇතැම් ගුරුවරුන් පවසන්නේ devices නිතර භාවිත කිරීම නිසා සිසුන්ගේ concentration අඩුවීම සහ පාඩම් අතර distraction වැඩිවීම දැකගත හැකි බවයි.
එහෙත් digital learning සඳහා devices වැදගත් බවත්, සම්පූර්ණ තහනමකට වඩා නිසි සීමා සහ පාලනයක් අවශ්‍ය බවයි තවත් පිරිසක් පෙන්වා දෙන්නේ.
මේ නිසා පාසල්වල technology භාවිතය කොපමණ දුරට තිබිය යුතුද යන්න ගැන ඔස්ට්‍රේලියාව පුරා අලුත් විවාදයක් ඇතිවෙමින් තිබෙනවා.









