උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

ඔස්ට්‍රේලියාව සහ ජපානය අතර ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා නව වසර දහයක ගිවිසුමකට දෙරට එකඟ වී තිබෙනවා.

මෙම ගිවිසුම යටතේ ජපානයට ඔස්ට්‍රේලියාවේ දුරස්ථ පරීක්ෂණ ප්‍රදේශ භාවිත කරමින් නව ආරක්ෂක තාක්ෂණයන් අත්හදා බැලීමට අවස්ථාව ලැබෙනු ඇති.

Banner 01

Canberra හි පැවති ඉහළ පෙළේ ආරක්ෂක සාකච්ඡාවලදී දෙරටේ ආරක්ෂක අමාත්‍යවරුන් මෙම සහයෝගීතාව පිළිබඳ තීරණය ප්‍රකාශයට පත් කළ අතර, ඔස්ට්‍රේලියාව සහ ජපානය අතර ආරක්ෂක සබඳතා තවදුරටත් පුළුල් කිරීම පිළිබඳවද සාකච්ඡා කර තිබෙනවා.

Advertisement

ඔස්ට්‍රේලියාව සහ ජපානය එක්ව සංවර්ධනය කළ ඉහළ ශක්ති ලේසර් ආරක්ෂක පද්ධතියක් සම්බන්ධ පරීක්ෂණ සාර්ථකව අවසන් කිරීමත් මෙම සාකච්ඡාවලදී විශේෂ අවධානයක් දිනාගත් කරුණක්.

උතුරු කොරියාවේ මිසයිල වැඩසටහන සහ රුසියාව සමඟ එරට පවත්වාගෙන යන සහයෝගීතාව සම්බන්ධයෙන්ද දෙරටේ ආරක්ෂක අමාත්‍යවරුන් අතර අදහස් හුවමාරු වී ඇති බවටයි වාර්තා වන්නේ.

Advertisement

මේ අතර, ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Anthony Albanese ජපාන දේශපාලනඥයෙකු සම්බන්ධයෙන් කළ මතභේදාත්මක ප්‍රකාශය මෙම ආරක්ෂක සාකච්ඡාවලදී මතු නොවූ බව ජපාන ආරක්ෂක අමාත්‍ය Shinjiro Koizumi සඳහන් කළා.

කෙසේවෙතත් ආරක්ෂක තාක්ෂණය, හමුදා පුහුණුව සහ ඒකාබද්ධ ආරක්ෂක වැඩසටහන් තවදුරටත් පුළුල් කරමින් ඔස්ට්‍රේලියාව සහ ජපානය අතර සබඳතා ඉදිරියේදී තවත් ශක්තිමත් කිරීමට දෙරට සූදානම් බවටයි වාර්තා වන්නේ.


උණුසුම් පුවත්

මෙල්බන් Campbellfield ප්‍රදේශයේ පැරණි Ford කර්මාන්තශාලාව ඩොලර් බිලියන 1.1ක දත්ත මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට යෝජනා වී තිබෙනවා. ගොඩනැගිලි හයකින් සමන්විත...

ඔස්ට්‍රේලියාවේ දෙවන විශාලතම සුපිරි වෙළඳසැල් ජාලය වන Colesහි ප්‍රධාන විධායක නිලධාරිනී Leah Weckertගේ වාර්ෂික ප්‍රසාද දීමනාවලින් ඩොලර් 4,14,000ක මුදලක් කපා...

KPMG Australia ආයතනය තම සේවක සංඛ්‍යාවෙන් සියයට 5කට ආසන්න ප්‍රමාණයක් අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව හවුල්කරුවන් 27 දෙනෙකු...

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ Optus සහ Telstra දුරකථන ජාල බිඳවැටීම්වලින් පසු, 000 හදිසි ඇමතුම් සම්බන්ධයෙන් ජනතාවට අලුත් උපදෙස් නිකුත් කර තිබෙනවා. තමන් භාවිත...

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ අඩු වියදම් ගුවන් සේවයක් වන Jetstar Airways (අද) අගෝස්තු 25 සිට කොළඹට සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතව...

ඔස්ට්‍රේලියාවේ පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණ ආවරණ ලබා නොගන්නා ඉහළ ආදායම් ලබන්නන් සඳහා වන මෙඩිකෙයා අතිරේක බද්ද (Medicare Levy Surcharge) 3% දක්වා...

ඔස්ට්‍රේලියාවේ විදේශිකයන් විසින් නිවාස සහ නේවාසික දේපළ මිලදී ගැනීම සඳහා ලබාගත් අනුමැති සංඛ්‍යාව සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙනවා. 2026...

මෙල්බන් නගරයේ ජනගහන වර්ධනය සම්බන්ධයෙන් පශ්චාත් කොවිඩ් සමයෙන් පසුව සිදුකළ අලුත්ම පර්යේෂණ වාර්තාවලින් ආන්දෝලනාත්මක තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා. ඒ...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාව සහ ජපානය අතර වසර 10ක ආරක්ෂක ගිවිසුමක්

Uni Degree නැතුව ලක්ෂ ගණන් උපයන්න පුළුවන් ඔස්ට්‍රේලියා රැකියා

ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල උපාධියක් නොමැතිව වුවද ඉහළ වැටුප් ලබාගත හැකි රැකියා රැසක් හඳුනාගෙන තිබෙනවා. SEEK ආයතනයේ නවතම දත්ත අනුව, විශේෂයෙන් තාක්ෂණික, වෘත්තීය පුහුණු සහ operational jobs

Read More »

Customer Data ජාවාරමක් ගැන Telco සේවකයකුට චෝදනා

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. NSW Police Financial Crimes

Read More »

ඔස්ට්‍රේලියාවේ කාලගුණය අයහපත් ප්‍රාන්ත දෙකකට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. Victoria හි ඇතැම් ප්‍රදේශවලට ගංවතුර

Read More »

මෙල්බන් Nightlife ගැන ලෝකෙම කතා වෙයි

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ විනෝදාස්වාදය සම්බන්ධයෙන් ලොව පුරා නගරවාසීන්

Read More »

ඔස්ට්‍රේලියානු Suburbs වෙනස් වෙයි හේතුව මෙන්න

ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව තිබෙනවා. විශේෂයෙන් පැරණි නිවාස සහ

Read More »

සරණාගත කෝටාව අඩු කිරීමේ සැලසුම්වලට ලේබර් මන්ත්‍රීවරුන්ගෙන් විරෝධතා

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට පළවන වාර්තා හමුවේ පක්ෂ අභ්‍යන්තරයේ

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom