ලෝකයේ ප්‍රධාන පර්යේෂණ පදනම් කරගත් විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීමක් වන 2026 Academic Ranking of World Universities (ARWU) වර්ගීකරණයට අනුව, ඔස්ට්‍රේලියාවේ අංක එකේ විශ්වවිද්‍යාලය ලෙස නැවතත් මෙල්බන් විශ්වවිද්‍යාලය තේරී පත්වී තිබෙනවා.
2011 වසරේ සිට අඛණ්ඩව මෙම ස්ථානය රැකගැනීමට මෙල්බන් විශ්වවිද්‍යාලය සමත්ව තිබීම විශේෂත්වයක්.
එමෙන්ම මෙවර ගෝලීය ශ්‍රේණිගත කිරීම් අතරින් එක් ස්ථානයක් ඉදිරියට පැමිණෙමින් ලෝකයේ 37 වන ස්ථානය හිමිකර ගැනීමට ද මෙල්බන් විශ්වවිද්‍යාලය සමත් වුණා.
ලොව පුරා විශ්වවිද්‍යාල 2,500කට අධික සංඛ්‍යාවක පර්යේෂණ කාර්යසාධනය අධ්‍යයනය කරමින් මෙම වර්ගීකරණය සිදු කර තිබෙනවා.
මෙම ජයග්‍රහණයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ Metal-Organic Frameworks පිළිබඳ කළ පර්යේෂණ වෙනුවෙන් මෙල්බන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Richard Robson විසින් 2025 රසායන විද්‍යාව සඳහා හිමිකරගත් නොබෙල් ත්‍යාගයයි.
ඊට අමතරව ‘Nature’ සහ ‘Science’ වැනි ලොව ප්‍රමුඛතම විද්‍යාත්මක සඟරාවල පළවූ පර්යේෂණ වාර්තා සහ ඉහළ උපුටා දැක්වීම් (Highly Cited Researchers) ලබාගත් පර්යේෂකයන් රැසක් විශ්වවිද්‍යාලය සතු වීම ද මීට බෙහෙවින් ඉවහල් වුණා.
මෙම සාර්ථකත්වය පිළිබඳව අදහස් දක්වමින් අන්තර්කාලීන උපකුලපති මහාචාර්ය Glyn Davis ප්‍රකාශ කළේ, තම පර්යේෂණ කණ්ඩායමේ කැපවීම සහ ගෝලීය බලපෑම මෙමඟින් මැනවින් පිළිඹිඹු වන බවයි.









