Bondi Beach ප්‍රහාරයෙන් පසු ෆෙඩරල් රජය සහ නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය එක්ව තුවක්කු නැවත මිලදී ගැනීමේ නව වැඩසටහනක් සඳහා එකඟ වී තිබෙනවා.
මෙහි පළමු අදියර 2026 නොවැම්බර් 2 වැනිදා ආරම්භ කිරීමට නියමිතයි.
Revolver එකක් භාරදෙන අයෙකුට $1,000ක්, semi-automatic handgun එකකට $850ක් සහ double-barrel shotgun එකකට $850ක් ලබාදීමටයි ඒ අනුව සැලසුම් කර ඇත්තේ.
Single-barrel shotgun එකක් සඳහා $650ක වන්දියක් ලබාදීමටද නියමිතයි.
නව නීති යටතේ NSW හි ලියාපදිංචි තුවක්කු 274,000ක් පමණ සහ බලපත්‍ර හිමියන් 50,000ක් පමණ මෙම සීමාවලට බලපානු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙනවා.
කෙසේ වෙතත් Victoria සහ Queensland මෙම වැඩසටහනට එක්වීම ප්‍රතික්ෂේප කර ඇති අතර, මේ වනවිට NSW පමණක් නිශ්චිතව එක්ව තිබෙනවා.
Pauline Hansonද මෙම වැඩසටහනට විරුද්ධ වෙමින් නීතියට අනුව තුවක්කු තබාගෙන සිටින ජනතාවට දඬුවම් නොකළ යුතු බව ප්‍රකාශකළා.









