ඔස්ට්‍රේලියාව පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් 100කට වැඩි සංඛ්‍යාවක් ඉලක්ක කරගනිමින් පොලිසිය සිදුකළ දැවැන්ත වැටලීම් මාලාවකින් පසුව, සුප්‍රකට Metro Petroleum සමාගම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
නීති විරෝධී දුම්කොළ සහ Vapes අලෙවි කිරීමේ ජාවාරම් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරුවලට අනුවයි මෙම වැටලීම් සිදුකර ඇත්තේ.
‘Operation SHORTHAND’ ලෙස නම් කර ඇති මෙම විශේෂ මෙහෙයුම ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත සහ බලප්‍රදේශ 6ක් පුරා ක්‍රියාත්මක කර තිබෙනවා.
මෙහිදී ඔස්ට්‍රේලියාව පුරා පිහිටි Metro Petroleum පිරවුම්හල් 350න්, පිරවුම්හල් 9ක් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමේ නියෝග නිකුත් කිරීමට පොලිසිය පියවර ගත්තා.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් Metro Petroleum සමාගම පවසා සිටියේ නීති විරෝධී දුම්කොළ සහ Vapes අලෙවිය සම්බන්ධයෙන් තම සමාගම කිසිදු නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන බවයි.
එමෙන්ම මෙම සිදුවීම පිළිබඳව දැඩි කණගාටුව පළකරන අතර, අදාළ වැටලීම්වලට ලක්වූ වෙළඳසැල් මෙහෙයවූ පුද්ගලයන් සමඟ පැවැති සියලුම ගිවිසුම් වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට පියවර ගත් බව ද ඔවුන් තහවුරු කළා.
නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ ඕනෑම පාර්ශවයකට එරෙහිව ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය සහ අදාළ බලධාරීන් සමඟ පූර්ණ සහයෝගයෙන් කටයුතු කරන බව ද Metro Petroleum සමාගම වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.









