සංචාරයක් සැලසුම් කිරීමේදී හොඳ මිලක් පමණක් නොව, විශ්වාසනීය සේවාවක්, නිවැරදි උපදෙස් සහ අවශ්‍යම මොහොතේ ලැබෙන සහායද ඉතා වැදගත්ය. එවැනි සියලු අවශ්‍යතා එකම ස්ථානයකින් සපුරාලමින්, ශ්‍රී ලාංකිකයන් ඇතුළු ලොව පුරා සංචාරකයන්ගේ විශ්වාසය දිනාගත් ආයතනයක් ලෙස Travel Shine හඳුන්වා දිය හැකිය.
2014 වසරේදී ආරම්භ වූ Travel Shine, පාරිභෝගික තෘප්තිය මූලික කරගනිමින් වසරෙන් වසර සිය සේවාවන් පුළුල් කරමින්, අද වන විට ගෝලීය මට්ටමේ Travel Solutions Provider ආයතනයක් බවට පත්ව ඇත.
වසර 25කට වැඩි අත්දැකීම් සහිත කළමනාකරණ කණ්ඩායමක්
විපුල් වීරසිංහ සහ පවිත්‍රි වීරසිංහ විසින් මෙහෙයවන Travel Shine හි කළමනාකරණ කණ්ඩායමට සංචාරක ක්ෂේත්‍රයේ වසර 25කට අධික අත්දැකීම් ඇත.
ඔවුන්ගේ වෘත්තීය දැනුම, පළපුරුද්ද සහ Customer-Centric සේවා ප්‍රවේශය හේතුවෙන්, පාරිභෝගිකයන්ට විශ්වාසනීය, ගුණාත්මක සහ පුද්ගලික අවධානයෙන් යුත් සේවාවක් ලබාදීමට Travel Shine සමත් වී ඇත.
Travel Shine හි මූලික වටිනාකම් වන්නේ Best Price • Honest Service • Genuine Care යන්නයි.
ශ්‍රී ලංකාව සහ Australia සම්බන්ධ කරන සේවා ජාලයක්
2015 වසරේදී ශ්‍රී ලංකාවේ පැය 24 පුරා ක්‍රියාත්මක වන Call Centre සේවාව ආරම්භ කිරීමත් සමඟ, පාරිභෝගිකයන්ට ඕනෑම වේලාවක සහාය ලබාගැනීමේ පහසුකම උදා විය.
2018 වසරේදී Australia හි 99 Lynbrook Boulevard, Lynbrook ලිපිනයේ Customer Service Centre එක විවෘත කළ අතර, 2019 ජූලි මාසයේදී ශ්‍රී ලංකා ශාඛාව ආරම්භ කිරීමත් සමඟ දේශීය හා ජාත්‍යන්තර පාරිභෝගිකයන්ට වඩාත් සමීප සහ කාර්යක්ෂම සේවාවක් ලබාදීමට හැකි විය.
One-Stop Travel Solution
Travel Shine යනු ගුවන් ටිකට්පත් නිකුත් කරන ආයතනයක් පමණක් නොවේ. සංචාරයක් සඳහා අවශ්‍ය සියලුම සේවාවන් එකම ස්ථානයකින් ලබාදෙන One-Stop Travel Solution එකකි.
Travel Shine මඟින් ලබාදෙන සේවාවන්
• ලොව ඕනෑම රටකට සහ Round-the-World සංචාර සඳහා ගුවන් ටිකට්පත්
• තරඟකාරී සහ වට්ටම් සහිත (Competitive & Discounted) ගුවන් ගාස්තු
• ඔබගේ අවශ්‍යතාවයට සහ අයවැයට ගැළපෙන Hotel Packages
• Visa Assistance සහ Visa Consultation
• Travel Insurance
• පුද්ගලික අවශ්‍යතාවයන්ට ගැළපෙන (Personalized) සේවාව
• තනිව ගමන් කරන කුඩා දරුවන් (Unaccompanied Minors) සඳහා විශේෂ සහාය
• ජ්‍යෙෂ්ඨ පුරවැසියන් (Senior Passengers) සඳහා විශේෂ පහසුකම් සහ සහාය
• Budget සිට Premium දක්වා විවිධ Travel Packages
• මාස 3 සිට 6 දක්වා පහසු Installment Payment Plans
24/7 Customer Support
Travel Shine හි සුවිශේෂීත්වය වන්නේ පැය 24 පුරා, සතියේ දින 7ම (24/7) පාරිභෝගික සහාය ලබාදීමයි.
Flight Delays, Flight Cancellations, හදිසි සංචාරක සැලසුම් වෙනස්වීම් හෝ විදේශයකදී ඇතිවන අනපේක්ෂිත තත්ත්වයන් වැනි ඕනෑම අවස්ථාවකදී, Travel Shine කණ්ඩායම ඉක්මන්, කාර්යක්ෂම සහ විශ්වාසනීය සහාය ලබාදෙයි.
ඔවුන්ගේ සේවාව ගුවන් ටිකට්පත නිකුත් කිරීමෙන් අවසන් වන්නේ නැත. ඔබගේ සංචාරය සැලසුම් කරන මොහොතේ සිට ආරක්ෂිතව නැවත නිවසට පැමිණෙන තෙක්ම Travel Shine ඔබ සමඟ සිටී.
විශ්වාසයෙන් ගොඩනැගුණු Brand එකක්
වසර ගණනාවක් පුරා පාරිභෝගිකයන් සමඟ ගොඩනැගුණු විශ්වාසය Travel Shine හි විශාලතම ශක්තියයි.
ව්‍යාපාරික සංචාරයක්, පවුලේ නිවාඩුවක්, ශිෂ්‍ය සංචාරයක් (Student Travel) හෝ ලොව වටා සංචාරයක් සැලසුම් කළත්, ඔබගේ අවශ්‍යතාවයට සහ අයවැයට ගැළපෙන හොඳම විසඳුම ලබාදීමට Travel Shine සැමවිටම සූදානම්ය.










