උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

ඔස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලංකාව වෙත සිදුකරන කෙටි කාලීන සංචාරක ගමන් පසුගිය මාස 12 තුළ සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව Australian Bureau of Statistics නිකුත් කළ නවතම දත්ත පෙන්වා දෙනවා.

2025 ජූනි මාසයේ සිට 2026 මැයි මාසය දක්වා කාලය තුළ, Australia residents විසින් ශ්‍රී ලංකාව වෙත සිදුකර නැවත Australia වෙත පැමිණි short-term trips සංඛ්‍යාව 139,440ක් ලෙස වාර්තා වී තිබෙනවා.

Banner 01

ඊට පෙර සමාන කාලය වූ 2024 ජූනි සිට 2025 මැයි දක්වා ශ්‍රී ලංකාව වෙත වාර්තා වී තිබුණේ trips 122,340ක් පමණයි.

Advertisement

ඒ අනුව වසරක් තුළ ශ්‍රී ලංකාව වෙත සිදුකළ ගමන් සංඛ්‍යාව 17,100කින්, එනම් ආසන්න වශයෙන් 14%කින් ඉහළ ගොස් තිබෙනවා.

මෙම මාස 12 තුළ වැඩිම ගමන් සංඛ්‍යාව වාර්තා වී තිබෙන්නේ 2026 ජනවාරි මාසයේදීයි. එම මාසයේ ශ්‍රී ලංකාවෙන් නැවත Australia වෙත පැමිණි short-term resident trips 22,910ක් වාර්තා වී තිබෙනවා.

Advertisement

දෙවැනි ඉහළම අගය 2026 අප්‍රේල් මාසයේ වාර්තා වූ 14,080 trips වන අතර, 2026 මැයි මාසයේදී එම සංඛ්‍යාව 9,230ක් ලෙස පහළ ගොස් තිබෙනවා.

මාසික දත්ත

* 2025 ජූනි – 7,820
* 2025 ජූලි – 11,900
* 2025 අගෝස්තු – 10,600
* 2025 සැප්තැම්බර් – 10,220
* 2025 ඔක්තෝබර් – 11,350
* 2025 නොවැම්බර් – 9,570
* 2025 දෙසැම්බර් – 9,340
* 2026 ජනවාරි – 22,910
* 2026 පෙබරවාරි – 11,220
* 2026 මාර්තු – 11,200
* 2026 අප්‍රේල් – 14,080
* 2026 මැයි – 9,230

මෙම වර්ධනයෙන් පෙනී යන්නේ ශ්‍රී ලංකාව Australians අතර සංචාරක ගමනාන්තයක් ලෙස තවදුරටත් ජනප්‍රිය වෙමින් පවතින බවයි. ශ්‍රී ලංකාවේ වෙරළ තීර, ස්වභාවික සුන්දරත්වය, වනජීවී අත්දැකීම්, ඓතිහාසික ස්ථාන, ආහාර සංස්කෘතිය සහ ඥාතීන් හා මිතුරන් හමුවීමට සිදුකරන ගමන් මේ වර්ධනයට බලපාන ප්‍රධාන සාධක ලෙස සැලකිය හැකියි.

කෙසේ වෙතත්, මෙම සංඛ්‍යා Australians පමණක් හෝ නිවාඩු සඳහා ගිය සංචාරකයින් පමණක් නියෝජනය කරන්නේ නැහැ. ඒවා Australia residents විසින් ශ්‍රී ලංකාව ප්‍රධාන ගමනාන්තය ලෙස සඳහන් කර සිදුකළ short-term trips වන අතර, business, family visits සහ holidays ඇතුළු විවිධ ගමන් ඒ තුළ අන්තර්ගත විය හැකියි. ABS අනුව මෙම වාර්තාවේ සංඛ්‍යා පුද්ගලයන් නොව travel movements ලෙස අර්ථ දැක්විය යුතුයි.


උණුසුම් පුවත්

NDIS අරමුදලින් ඩොලර් 700,000කට ආසන්න මුදලක් ව්‍යාජ ලෙස තම පුද්ගලික ගිණුම් වෙත ලබාගත් බවට චෝදනා ලැබූ 48 හැවිරිදි පුද්ගලයෙකු වික්ටෝරියා...

ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළඳපොළ බලාපොරොත්තු වූවාට වඩා දුර්වල වී ඇති බව නව සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා. ජූලි මාසයේ රැකියා සංඛ්‍යාව 16,000කින් පමණ...

Brisbane හි බටහිර ප්‍රදේශයේ Brookfieldහි 23 හැවිරිදි කාන්තාවකට සිදු වූ බව කියන ලිංගික ප්‍රහාරයකින් පසු, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ...

ඔස්ට්‍රේලියාවේ වේගයෙන් වර්ධනය වන කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සඳහා අවශ්‍ය දත්ත මධ්‍යස්ථාන සම්බන්ධයෙන් අද National Cabinet හි විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. මෙම...

ඔස්ට්‍රේලියාවේ දෙවන විශාලතම සුපිරි වෙළඳසැල් ජාලය වන Colesහි ප්‍රධාන විධායක නිලධාරිනී Leah Weckertගේ වාර්ෂික ප්‍රසාද දීමනාවලින් ඩොලර් 4,14,000ක මුදලක් කපා...

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රථම වරට Offshore Wind ව්‍යාපෘති සඳහා වන ටෙන්ඩර් කැඳවීම නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය යටතේ ගිගාවොට්...

ඔස්ට්‍රේලියාවේ ඒජ් කෙයා සහ මෙඩිකෙයා සේවාවලට අදාළ වැදගත් අලුත් තොරතුරු කිහිපයක් සෞඛ්‍ය අමාත්‍ය මාක් බට්ලර් අද ප්‍රකාශ කර තිබෙනවා. ඔහු...

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රියම ක්ෂණික ආහාර අවන්හල් ජාලය ලෙස මැක්ඩොනල්ඩ්ස් පළමු ස්ථානයට පත්ව තිබෙනවා. රෝයි මෝගන් ආයතනය නිකුත් කළ නවතම දත්ත අනුව,...

2026 සැප්තැම්බර් මාසයේ සිට ඔස්ට්‍රේලියාවේ මිලියන ගණනක ජනතාවකට බලපාන ප්‍රධාන මූල්‍ය සහ සුභසාධන සංශෝධන කිහිපයක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලංකාවට ගිය සංචාරක ගමන් වසරක් තුළ 14%කින් ඉහළට

Customer Data ජාවාරමක් ගැන Telco සේවකයකුට චෝදනා

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. NSW Police Financial Crimes

Read More »

ඔස්ට්‍රේලියාවේ කාලගුණය අයහපත් ප්‍රාන්ත දෙකකට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. Victoria හි ඇතැම් ප්‍රදේශවලට ගංවතුර

Read More »

මෙල්බන් Nightlife ගැන ලෝකෙම කතා වෙයි

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ විනෝදාස්වාදය සම්බන්ධයෙන් ලොව පුරා නගරවාසීන්

Read More »

ඔස්ට්‍රේලියානු Suburbs වෙනස් වෙයි හේතුව මෙන්න

ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව තිබෙනවා. විශේෂයෙන් පැරණි නිවාස සහ

Read More »

සරණාගත කෝටාව අඩු කිරීමේ සැලසුම්වලට ලේබර් මන්ත්‍රීවරුන්ගෙන් විරෝධතා

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට පළවන වාර්තා හමුවේ පක්ෂ අභ්‍යන්තරයේ

Read More »

ලංකාවේ උපත ලැබූ 88,000ක් ඔස්ට්‍රේලියාවේ පුරවැසියන්

ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත මගින් තහවුරු වනවා. ව්‍යාපාර, අධ්‍යාපන,

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom