2026 Happy City Index වාර්තාවට අනුව ලෝකයේ සතුටින්ම ජීවත් වන නගර අතරට ඕස්ට්‍රේලියාවේ නගර 7ක් ඇතුළත්ව තිබෙනවා.
එහි ඕස්ට්‍රේලියාවේ සතුටින්ම ජීවත් වන නගරය ලෙස වික්ටෝරියා ප්‍රාන්තයේ Ballarat නගරය තේරී පත්ව ඇති අතර, එය ලෝක ශ්‍රේණිගත කිරීම්වල 16 වැනි ස්ථානය හිමිකරගෙන තිබීම විශේෂත්වයක්.
හරිත පරිසරය, ශක්තිමත් ආර්ථිකය සහ ඉහළ ජීවන තත්ත්වය Ballarat නගරයේ මෙම සාර්ථකත්වයට හේතු වී ඇති බව වාර්තාව පෙන්වා දෙනවා.
Maitland (35), Adelaide (71), Melbourne (108), Geelong (122), Hobart (132) සහ Rockhampton (168) ද මෙම ලැයිස්තුවට ඇතුළත්වනවා.
ලෝකයේ සතුටින්ම ජීවත් වන නගරය ලෙස ඩෙන්මාර්කයේ Copenhagen නගරය පළමු ස්ථානය දිනාගෙන තිබුණා.
මෙම ශ්‍රේණිගත කිරීමේදී පුරවැසියන්ගේ ජීවන තත්ත්වය, ආර්ථිකය, සෞඛ්‍යය, පරිසරය, පාලනය සහ ප්‍රවාහන පහසුකම් ඇතුළු කරුණු රැසක් සැලකිල්ලට ගෙන තිබෙනවා.









