විදේශ රටවලදී අඩු වියදමින් කරන දන්ත වෛද්‍ය ප්‍රතිකාර නිසා පසුකාලීනව සංකූලතා ඇතිවන අවදානම ගැන ඔස්ට්‍රේලියානු වෛද්‍යවරුන් යළිත් අවවාද නිකුත් කර තිබෙනවා.
එහිදී ජීවන වියදම ඉහළ යාමත් සමඟ බොහෝ ඔස්ට්‍රේලියානුවන් දන්ත ප්‍රතිකාර සඳහා විදේශ රටවලට යාම වැඩිවී තිබෙන බවයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.
විශේෂයෙන් “cheap dental work” ලෙස ප්‍රචලිත අඩු වියදම් ප්‍රතිකාරවලින් පසුව නැවත ඔස්ට්‍රේලියාවේදී වැඩි වියදමින් ප්‍රතිකාර අවශ්‍ය වන අවදානම වැඩි බව සඳහන්.
සමහර රෝගීන්ට ප්‍රතිකාර අසාර්ථක වීම, ආසාදන සහ දත් හා හනු අස්ථි සම්බන්ධ ගැටලු වැනි සංකූලතාද වාර්තා වී ඇති බව වෛද්‍ය වාර්තා පෙන්වා දෙනවා.
වෛද්‍යවරුන් පවසන්නේ, විදේශ දන්ත ප්‍රතිකාර තීරණ ගැනීමට පෙර රෝගීන් අවදානම් පිළිබඳව සම්පූර්ණයෙන් දැනුවත් විය යුතු බවයි.
එමෙන්ම, ප්‍රතිකාර පසු අවශ්‍ය follow-up care නොලැබීමත් බොහෝ සංකූලතා වැඩි කිරීමට හේතුවක් ලෙස හඳුනාගෙන තිබෙනවා.
මේ අතර, විශේෂඥයන් අවධාරණය කරන්නේ, overseas dental tourism තීරණ ගන්නා විට වියදම පමණක් නොව සෞඛ්‍ය ආරක්ෂාවද ප්‍රමුඛ කර ගත යුතු බවයි.









