උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

ඕස්ට්‍රේලියාවේ පූර්ව ළමාවිය අධ්‍යාපන සහ ළමා සුරැකුම් ක්ෂේත්‍රයේ (Early Childhood Education and Care) නිරත සේවකයින් 210,000කට අධික පිරිසක් සඳහා පනවා තිබූ 15% ක වැටුප් වර්ධකය තවත් වසර දෙකකින්, එනම් 2028 වසරේ අග භාගය දක්වා දීර්ඝ කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

ප්‍රධාන අමාත්‍ය මණ්ඩලය විසින් මෙම තීරණය ප්‍රකාශයට පත් කර ඇත්තේ, ලබන ජූලි 15 වනදාට සැලසුම් කර තිබූ දැවැන්ත සේවක වැඩවර්ජනයකට සති කිහිපයකට පෙරයි.

Banner 01

මෙම වැටුප් වර්ධකය දීර්ඝ කිරීම වෙනුවෙන් ඕස්ට්‍රේලියානු රජය වැය කිරීමට අපේක්ෂිත මුදල ඩොලර් බිලියන 3.6ක්.

Advertisement

අග්‍රාමාත්‍ය Anthony Albanese ප්‍රකාශ කළේ දරුවන්ට ජීවිතයේ හොඳම ආරම්භය ලබා දෙන්නේ පූර්ව ළමාවිය අධ්‍යාපනඥයින් බැවින්, ඔවුන්ට සාධාරණ වැටුපක් හිමිවිය යුතු බවයි.

මෙම නව තීරණයත් සමඟ සාමාන්‍ය පූර්ව ළමාවිය සේවකයෙකුට සතියකට අතිරේකව ඩොලර් 196ක මුදලක් හිමිවනවා.

Advertisement

මෑතකදී සිදුකළ අවම වැටුප් සංශෝධන ද ඇතුළත් වූ විට එය සතියකට ඩොලර් 255ක් දක්වා ඉහළ යනු ඇති.

එමෙන්ම පූර්ව ළමාවිය ගුරුවරුන් සඳහා සතියකට ඩොලර් 410ක වැටුප් වර්ධකයක් හිමිවන බවයි අධ්‍යාපන අමාත්‍ය Jason Clare පවසන්නේ.

කෙසේ වෙතත්, රජය මගින් ලබාදෙන මෙම සහනාධාර වැටුප් වර්ධකය හිමිවන්නේ දෙමාපියන්ගෙන් අය කරන ගාස්තු සීමා කිරීමට එකඟ වන සහ ජාතික ආරක්ෂණ ප්‍රමිතීන්ට (National Safety Standards) අනුකූලව කටයුතු කරන ආයතන සඳහා පමණක් බව ද ඕස්ට්‍රේලියානු රජය අවධාරණය කර සිටිනවා.


උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ සීනි අඩංගු සිසිල් බීම සඳහා සියයට 20ක බද්දක් පැනවිය යුතු බවට නැවත යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. Griffith විශ්වවිද්‍යාලයේ නව...

මෙල්බන් ඇතුළු වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට අද තද වැසි සහ ගිගුරුම් සහිත කුණාටු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා කාර්යාංශය අනතුරු...

නවසීලන්තයේ සිට Sydney වෙත පැමිණි 35 හැවිරිදි පුද්ගලයෙකුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී හමුවූ ඉලෙක්ට්‍රොනික උපකරණ දෙකකින් child abuse materials සොයා...

ඔස්ට්‍රේලියානු මාර්ගවල රියදුරන්ගේ භයානක රිය පැදවීමේ පුරුද්දක් පාලනය කිරීම සඳහා නව circular road markings හඳුන්වාදීමට යෝජනා වී තිබෙනවා. මෙම සලකුණු...

මෙල්බන් නගරයේ ජනගහන වර්ධනය සම්බන්ධයෙන් පශ්චාත් කොවිඩ් සමයෙන් පසුව සිදුකළ අලුත්ම පර්යේෂණ වාර්තාවලින් ආන්දෝලනාත්මක තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා. ඒ...

කෘතිම බුද්ධිය භාවිතයෙන් සම්පූර්ණයෙන්ම හෝ බොහෝ දුරට නිර්මාණය කළ ගීත ඔස්ට්‍රේලියාවේ නිල සංගීත දර්ශකවලට ඇතුළත් කිරීම තහනම් කර තිබෙනවා. Australian...

ඔස්ට්‍රේලියාවේ ඒජ් කෙයා සහ මෙඩිකෙයා සේවාවලට අදාළ වැදගත් අලුත් තොරතුරු කිහිපයක් සෞඛ්‍ය අමාත්‍ය මාක් බට්ලර් අද ප්‍රකාශ කර තිබෙනවා. ඔහු...

ඔස්ට්‍රේලියාවේ ප්‍රථම වරට ක්ෂීරපායී සතෙකුට කුරුලු උණ වැළඳී තිබෙනවා. දකුණු ඔස්ට්‍රේලියාවේ Beachport වෙරළ තීරයේ මියගොස් සිටියදී හමු වූ ‘Long-nosed fur...

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ජූලි මාසයේදී සියයට 3.5 දක්වා පහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය (ABS) නිකුත් කළ නවතම දත්ත පෙන්වා...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ Childcare සේවකයින්ට 15%ක වැටුප් වැඩිවීමක්

Customer Data ජාවාරමක් ගැන Telco සේවකයකුට චෝදනා

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. NSW Police Financial Crimes

Read More »

ඔස්ට්‍රේලියාවේ කාලගුණය අයහපත් ප්‍රාන්ත දෙකකට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. Victoria හි ඇතැම් ප්‍රදේශවලට ගංවතුර

Read More »

මෙල්බන් Nightlife ගැන ලෝකෙම කතා වෙයි

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ විනෝදාස්වාදය සම්බන්ධයෙන් ලොව පුරා නගරවාසීන්

Read More »

ඔස්ට්‍රේලියානු Suburbs වෙනස් වෙයි හේතුව මෙන්න

ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව තිබෙනවා. විශේෂයෙන් පැරණි නිවාස සහ

Read More »

සරණාගත කෝටාව අඩු කිරීමේ සැලසුම්වලට ලේබර් මන්ත්‍රීවරුන්ගෙන් විරෝධතා

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට පළවන වාර්තා හමුවේ පක්ෂ අභ්‍යන්තරයේ

Read More »

ලංකාවේ උපත ලැබූ 88,000ක් ඔස්ට්‍රේලියාවේ පුරවැසියන්

ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත මගින් තහවුරු වනවා. ව්‍යාපාර, අධ්‍යාපන,

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom