උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

ඔස්ට්‍රේලියාවේ නිල ජාතික ගුවන් සේවය වන Qantas සමාගම, ලන්ඩන් නුවර පැවැති Cellars in the Sky Awards සම්මාන උළෙලේදී ප්‍රධාන සම්මාන 13ක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

එහිදී Qantas සතු ලොව විශිෂ්ටතම In-flight drinks menu යළිත් වරක් සනාථ කිරීමට ඔවුන්ට හැකිවුණා.

Banner 01

40 වන වරටත් සංවිධානය කෙරුණු මෙම ජාත්‍යන්තර තරඟාවලියේදී, ලොව පුරා ගුවන් සේවාවන් මගීන්ට සපයන වයින් සහ අනෙකුත් පාන වර්ගවල ගුණාත්මකභාවය ඇගයීමට ලක් කෙරුණා.

Advertisement

එහිදී Qantas ගුවන් සේවය Best First Class Wine Cellar සහ Best Airline Lounge Drinks Programme ඇතුළු අංශ 9ක රන් සම්මාන දිනා ගැනීම විශේෂත්වයක්.

ගුවන් විද්‍යාඥයින් සහ වයින් විශේෂඥයින් පෙන්වා දෙන්නේ පොළොව මතුපිටදී ඉතා රසවත් වන වයින් වර්ගයක්, ගුවන් යානයක් තුළ පවතින වියළි වායුගෝලය සහ පීඩනය හමුවේ තිත්ත හෝ අධික ඇඹුල් රසයක් ගත හැකි බවයි.

Advertisement

මේ හේතුවෙන් අහසේදී මගීන්ට උපරිම රසයක් ලබා දිය හැකි මෘදු සහ ගුණාත්මක වයින් වර්ග තේරීම විශේෂ දක්ෂතාවක් වන අතර, Qantas සමාගම ඔස්ට්‍රේලියානු නිෂ්පාදකයින් 150කට අධික සංඛ්‍යාවකින් වයින් වර්ග 250කට වඩා මේ සඳහා තෝරාගෙන තිබෙනවා.

මේ අතර ජනප්‍රිය ලෝක තරඟාවලියකදී මෙවැනි විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීම ඔස්ට්‍රේලියානු වයින් කර්මාන්තය ජාත්‍යන්තරයට රැගෙන යාමට ලැබුණු මනා පිටුවහලක් බවයි Qantas සමාගමේ කළමනාකාරීත්වය ප්‍රකාශ කර සිටින්නේ.


උණුසුම් පුවත්

භාණ්ඩ අපනයනකරුවන්ට මත්තල ගුවන් තොටුපොළින් සහන රැසක් Mattala Airport offers relief to exporters මත්තල ගුවන් තොටුපළ අපනයන සඳහා වඩාත් පුළුල්...

වික්ටෝරියා ප්‍රාන්ත රජය මගින් ආරම්භ කරන ලද Pill Testing Service ක්‍රියාත්මක වී වසරක් සම්පූර්ණ කිරීම හමුවේ ජීවිත රැසක් ආරක්ෂා කරගැනීමට...

මෙල්බන්හි පිහිටි ප්‍රධාන පෙළේ රෝහලක් වන Royal Melbourne Hospital විසින් සිය විශේෂඥ වෛද්‍ය සායන සඳහා රෝගීන් ඇතුළත් කරගැනීම නිශ්චිත ප්‍රදේශවල...

Victoria ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට අද සිට වැසි සහ අයහපත් කාලගුණික තත්ත්වයක් බලපානු ඇති බවට අනාවැකි පළ වී තිබෙනවා. Melbourne ඇතුළු...

මෙල්බන් නගරයේ ජනගහන වර්ධනය සම්බන්ධයෙන් පශ්චාත් කොවිඩ් සමයෙන් පසුව සිදුකළ අලුත්ම පර්යේෂණ වාර්තාවලින් ආන්දෝලනාත්මක තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා. ඒ...

Northern Territory රජය 2026–27 වසර සඳහා Skilled Migration නාමයෝජනා අයදුම්පත් භාරගැනීම ආරම්භ කර තිබෙනවා. අගෝස්තු 21 සිට onshore applicants සහ...

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ...

ඔස්ට්‍රේලියානු කොටස් වෙළඳපොළේ පාරිභෝගික අත්‍යවශ්‍ය භාණ්ඩ (Consumer Staples) ක්ෂේත්‍රයේ පෙරමුණට ගනිමින් Woolworths සමාගමේ කොටස් මිල අද දිනයේ 4.7%ක වර්ධනයක් වාර්තා...

ඔස්ට්‍රේලියාවේ සීනි අඩංගු සිසිල් බීම සඳහා සියයට 20ක බද්දක් පැනවිය යුතු බවට නැවත යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. Griffith විශ්වවිද්‍යාලයේ නව...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ලන්ඩනයේදී බැබළුණු ඔස්ට්‍රේලියාවේ Qantas

Customer Data ජාවාරමක් ගැන Telco සේවකයකුට චෝදනා

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. NSW Police Financial Crimes

Read More »

ඔස්ට්‍රේලියාවේ කාලගුණය අයහපත් ප්‍රාන්ත දෙකකට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. Victoria හි ඇතැම් ප්‍රදේශවලට ගංවතුර

Read More »

මෙල්බන් Nightlife ගැන ලෝකෙම කතා වෙයි

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ විනෝදාස්වාදය සම්බන්ධයෙන් ලොව පුරා නගරවාසීන්

Read More »

ඔස්ට්‍රේලියානු Suburbs වෙනස් වෙයි හේතුව මෙන්න

ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව තිබෙනවා. විශේෂයෙන් පැරණි නිවාස සහ

Read More »

සරණාගත කෝටාව අඩු කිරීමේ සැලසුම්වලට ලේබර් මන්ත්‍රීවරුන්ගෙන් විරෝධතා

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට පළවන වාර්තා හමුවේ පක්ෂ අභ්‍යන්තරයේ

Read More »

ලංකාවේ උපත ලැබූ 88,000ක් ඔස්ට්‍රේලියාවේ පුරවැසියන්

ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත මගින් තහවුරු වනවා. ව්‍යාපාර, අධ්‍යාපන,

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom