ඔස්ට්‍රේලියාවේ University of Technology Sydney (UTS) ආයතනයේ පර්යේෂකයන් විසින් දෘෂ්‍යාබාධිත සහ අන්ධ පුද්ගලයන්ගේ ගමන් පහසු කිරීම සඳහා නව AI තාක්ෂණයෙන් ක්‍රියා කරන රොබෝ Guide Dog එකක් සංවර්ධනය කරමින් සිටින බවට වාර්තා වනවා.
මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකික robotics සහ mechatronics විශේෂඥයකු වන සරත් කෝදාගොඩ මහතා විසින් මෙහෙයවීම විශේෂත්වයක්.
මෙම රොබෝව සාමාන්‍ය සුනඛයෙකුගේ ආකාරයට නිර්මාණය කර ඇති අතර AI තාක්ෂණය සහ sensors භාවිතා කරමින් අවට පරිසරය හඳුනාගෙන මිනිසුන්ට මාර්ග පෙන්වමින් කතා කරමින් උපදෙස් ලබාදීමද සිදු කෙරෙනවා.
මෙම පද්ධතිය real-time AI තීරණ ගැනීමේ හැකියාවෙන් සමන්විත වන අතර LiDAR වැනි advanced sensors මඟින් අවට පරිසරය හඳුනා ගැනීමටත් පරිශීලකයාගේ අවශ්‍යතාව අනුව මාර්ග සැලසුම් කර ආරක්ෂිත ගමන් සැලසීම සිදු කිරීමත් මෙහිදී සිදුවනවා.
උදාහරණයක් ලෙස, “මට coffee shop එකකට යන්න ඕන” යයි පරීශිලකයකු පැවසු විට යන විට රොබෝව ලඟම ඇති ස්ථාන හඳුනාගෙන විකල්ප යෝජනා කරනවා.
පසුව තෝරාගත් ස්ථානයට ආරක්ෂිත මාර්ගයක් සැලසුම් කර මග පෙන්වන අතර අවශ්‍ය විට ඇතුළත පරිසරයද විස්තර කිරීම මෙම කතා කරන රොබෝ සුනඛයින් විසින් සිදු කරනවා.
පර්යේෂකයන් පවසන්නේ මෙය self-driving car තාක්ෂණයටත් වඩා සංකීර්ණ බවයි.
එමෙන්ම මිනිසුන් බහුල ස්ථානවල “socially acceptable navigation” පවත්වා ගැනීම මෙහි ප්‍රධාන අභියෝගයක් වනවා.
මෙම රොබෝව Unitree Go2 robotic dog platform එක මත පදනම්ව නිර්මාණය කර ඇති අතර AI, sensors සහ haptic feedback system එකක් භාවිතා කරනු ලබනවා.
මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ දෘෂ්‍යාබාධිත පුද්ගලයන්ට වැඩි ආත්ම විශ්වාසයක් ලබාදීම, ගමන් පහසු කිරීම සහ සමාජ සහභාගීත්වය වැඩි කිරීමයි.
කෙසේවෙතත් මෙය AI තාක්ෂණයෙන් ක්‍රියා කරන නව පරම්පරාවේ “කතා කරන රොබෝ Guide Dog” එකක් වන අතර අනාගතයේ දෘෂ්‍යාබාධිත ප්‍රජාවට විශාල උපකාරයක් විය හැකි බවටයි පර්යේෂකයන් පෙන්වා දෙන්නේ.









