ෆෙඩරල් මන්ත්‍රී Bob Katter විසින් ක්වීන්ස්ලන්ඩ්හි මෝර කළමනාකරණ නීති (shark‑management laws) දැඩි ලෙස විවේචනය කර තිබෙනවා.
Cairns නගරයට දකුණින් පිහිටි මුහුදු සීමාවේදී සිදු වූ දරුණු මෝර ප්‍රහාරයකින් 39 හැවිරිදි පුද්ගලයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුණා.
ඔහු සිය මිතුරන් පිරිසක් සමඟ කිමිදෙමින් මසුන් අල්ලමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රහාරයෙන් පසු ඔහු බෝට්ටුවක් මගින් ගොඩබිමට රැගෙන ආව ද, හිසට සිදු වූ බරපතල තුවාල හේතුවෙන් ඒ වන විටත් ඔහු මියගොස් සිටියා.
කෙසේ වෙතත් Bob Katter පවසන්නේ මෙය වළක්වා ගත හැකිව තිබූ අනවශ්‍ය ඛේදවාචකයක් බවයි.
Bull sharks ප්‍රමාණය පාලනය කළ නොහැකි ලෙස ඉහළ ගොස් ඇති බවට ප්‍රදේශවාසීන් වසර ගණනාවක සිට අනතුරු ඇඟවූවත්, රජය මිනිස් ජීවිතවලට වඩා මෝරුන්ගේ ආරක්ෂාව ගැන සිතීම මෙවැනි මරණවලට හේතුව බවටයි ඔහු චෝදනා කරන්නේ.
මේ අතර මිනිසුන්ට තර්ජනයක් වන මෝරුන් මර්ධනය කිරීමට (Culling) ප්‍රාදේශීය ප්‍රජාවට බලය ලබා දිය යුතු බවට ඔහු පාර්ලිමේන්තුවේදී හඬ නැගීමට ද සූදානම් වනවා.









