ශ්‍රී ලංකාවේ දෙවන පෞද්ගලික ගුවන් සේවය ලෙස සැලකෙන Air Ceilao නුදුරේම ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට සූදානම් බව එහි සභාපති ජනිත් කෂාන් පවසනවා.
ඔහු සඳහන් කරන්නේ ව්‍යාපෘතිය ආරම්භයෙන් පසු ආර්ථික අස්ථාවරතා, ආයෝජක ඉවත්වීම් සහ ගෝලීය Airbus A320 ගුවන් යානා හිඟය වැනි කරුණු හේතුවෙන් මෙහෙයුම් ප්‍රමාද වූ බවයි.
විකල්ප ගුවන් යානා සම්බන්ධයෙන් Boeing සමාගම සමඟද සාකච්ඡා පැවැත්වූ බවත්, නව යානා වර්ග සඳහා අවශ්‍ය නියාමන හා තාක්ෂණික සූදානම්වීම් නිසා ක්‍රියාවලිය තවදුරටත් දිගු වූ බවත් ඔහු වැඩිදුරටත් සදහන් කළා.
Air Operator Certificate (AOC) ලබාගැනීමේ ක්‍රියාවලිය මේ වන විට තෙවන අදියරේ සිට අවසන් අනුමැතිය වෙත ආසන්නව පවතින අතර, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය සමඟ සමීපව කටයුතු කරමින් අවශ්‍ය නීතිමය හා ආරක්ෂක ප්‍රමිතීන් සම්පූර්ණ කරමින් සිටින බවද සමාගම සඳහන් කර තිබෙනවා.
එමෙන්ම මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම ආයෝජන මත පදනම් වන අතර, රජයෙන් කිසිදු මූල්‍ය සහායක් නොලැබෙන බවත් සභාපතිවරයා අවධාරණය කළා.
කෙසේවෙතත් සියලු සූදානම් කටයුතු සාර්ථකව අවසන් වුවහොත් Air Ceilao ඉක්මනින්ම ශ්‍රී ලංකාවේ අහසට එක්වනු ඇති.









