සිරියාවේ සිට ඔස්ට්‍රේලියාවට ගෙන්වූ බව කියන “ISIS brides” කණ්ඩායමට සහාය දීමට ගිය පුද්ගලයෙකු සිඩ්නි ගුවන්තොටුපොළේදී වෙනත් පහරදීමේ චෝදනාවක් මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු, Janai Safar ඇතුළු කාන්තාවන් සහ දරුවන් ඔස්ට්‍රේලියාවට ගෙන්වීමට උත්සාහ කරමින් මාස කිහිපයකට පෙර සිරියාවට ගොස් තිබූ බව සඳහන්.
32 හැවිරිදි Janai Safar සිඩ්නි වෙත පැමිණි පසු අත්අඩංගුවට ගෙන Silverwater කාන්තා බන්ධනාගාරයට රැගෙන ගොස් තිබුණා.
ඇය ඊයේ වීඩියෝ තාක්ෂණය හරහා අධිකරණයට පෙනී සිට ඇප ඉල්ලා සිටි නමුත් එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඇගේ නීතිඥවරයා පැවසුවේ ඇය සිරියාවේ භයානක තත්වයන්ට මුහුණ දුන් බවත්, යම් ආකාරයක PTSD රෝගයකින් පෙළෙන බවයි.
කෙසේ වෙතත්, එය සුවිශේෂී තත්වයන් නොවන බව විනිසුරුවරයා තීන්දු කළ අතර ඇප ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මේ අතර මෙල්බන්හිදී තවත් මවක් සහ දියණියක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් කාන්තාවක් අත්අඩංගුවට නොගෙන නිදහස් කර ඇති බවයි වාර්තා වන්නේ.
#AustraliaNews #ISISBrides #SydneyNews









