ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවරට ප්‍රබල ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
ඇමරිකා එක්සත් ජනපදයේ සහාය ද ඇතිව සිදු කළ මෙම මෙහෙයුම හේතුවෙන් සමස්ත කලාපයම දැඩි යුදමය උණුසුමකට මුහුණදී ඇති බවයි වාර්තා වන්නේ.
පළමු ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ කාර්යාලය ආසන්නයටයි.
එම අවස්ථාවේ 86 හැවිරිදි ඔහු එහි සිටියේද යන්න මෙතෙක් තහවුරු වී නැහැ.
ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් පවතින දැඩි මතභේදාත්මක තත්ත්වය හමුවේ ඊශ්‍රයලය මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා.
ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඉශ්‍රායල කැට්ස් ප්‍රකාශ කර සිටියේ තර්ජන ඉවත් කිරීම වෙනුවෙන් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි.
ප්‍රහාරයත් සමග ඉරානය සිය ගුවන් සීමාවන් වසා දමා ඇති අතර ජංගම දුරකථන සබඳතා ද ඇනහිට ඇති බව සඳහන්.
මේ අතර, ඉරානය ඕනෑම මොහොතක ප්‍රතිප්‍රහාර එල්ල කරනු ඇතැයි අපේක්ෂාවෙන් ඉශ්‍රායලය රට පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මේ අතර ඉරානයේ සිටින සියලුම ඔස්ට්‍රේලියානුවන්ට වහාම රටින් ඉවත් වන ලෙස ඔස්ට්‍රේලියානු රජය දන්වා සිටිනවා.
ටෙහෙරාන් නුවර පිහිටි ඔස්ට්‍රේලියානු තානාපති කාර්යාලයේ කටයුතු ද තාවකාලිකව අත්හිටුවා ඇති අතර, කලාපය තුළ ගුවන් ගමන් ප්‍රමාදයන් ද ඇති විය හැකි බවටයි විදේශ අමාත්‍යංශය අනතුරු අඟවන්නේ.









