ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ගෙවත්තකින් දීප්තිමත් කහ සහ කළු පැහැති සර්පයෙකු හමුවී තිබෙනවා.
එය විෂ රහිත Common Tree Snake වර්ගයට අයත් දුර්ලභ වර්ණයක් සහිත සර්පයෙකු බවයි හඳුනාගෙන ඇත්තේ.
එහෙත් සර්පයෙකුගේ පැහැය පමණක් බලා වර්ගය හඳුනාගැනීම මාරාන්තික වැරැද්දක් විය හැකි බව විශේෂඥයන් අනතුරු අඟවනවා.
Eastern Brown වැනි උග්‍ර විෂ සහිත සර්පයන් පවා දුඹුරු පැහැයට අමතරව කළු, කහ හෝ මිශ්‍ර වර්ණවලින් දිස්විය හැකියි.
කුඩා සර්පයෙකු වුවද බරපතළ විෂ ප්‍රහාරයක් එල්ල කළ හැකි බවයි සර්පයන් අල්ලන විශේෂඥයන් පවසන්නේ.
සර්පයෙකු හමුවුවහොත් ස්පර්ශ කිරීමට හෝ මරා දැමීමට උත්සාහ නොකර බලපත්‍රලාභී සර්පයන් ඉවත්කරන පුද්ගලයෙකු අමතන ලෙස ජනතාවට දැනුම් දෙනවා.
source – Yahoo News









