සාමාන්‍ය කණ්ණාඩියක් වගේ පෙනෙන, ඡායාරූප සහ වීඩියෝ ගත කළ හැකි AI smart glasses වැඩි වශයෙන් භාවිතයට පැමිණීමත් සමඟ Australia තුළ පෞද්ගලිකත්වය ගැන අලුත් විවාදයක් ඇතිවෙලා තියෙනවා.
මෙම කණ්ණාඩිවල ඇති කුඩා කැමරා මගින් දුරකථනයක් අතට නොගෙනම අවට පුද්ගලයන්ගේ ඡායාරූප සහ වීඩියෝ ගත කළ හැකියි.
වීඩියෝ ගත කරන විට කුඩා ආලෝකයක් දැල්වුණත්, තමන්ව පටිගත කරන බව ඇතැම් පුද්ගලයන්ට නොපෙනී යා හැකි බවට පෞද්ගලිකත්වය සම්බන්ධ කනස්සල්ලක් මතුව තිබෙනවා.
Melbourneහි පුද්ගලයෙකු තමන්ගේ අවසරයකින් තොරව මෙවැනි කණ්ණාඩියකින් ඡායාරූපයක් ගෙන ඇති බව පසුව දැනගත් සිද්ධියක්ද මේ විවාදයට හේතුවී තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ සමහර ස්ථාන කැමරා සහිත කණ්ණාඩි භාවිතයට සීමා පැනවීමටද මේ වනවිට පියවර ගෙන තිබෙනවා.
කෙසේ වෙතත් දෘෂ්‍යාබාධිත පුද්ගලයන්ට වස්තු හඳුනාගැනීම, ලේබල් කියවීම සහ අවට පරිසරය තේරුම් ගැනීම සඳහා මෙම කණ්ණාඩි ඉතා ප්‍රයෝජනවත් බවයි පෙන්වාදෙන්නේ..
ඒ නිසා මෙම තාක්ෂණය සම්පූර්ණයෙන් තහනම් කරනවාට වඩා, අනෙක් පුද්ගලයන්ගේ අවසරය සහ පෞද්ගලිකත්වය ගරු කරමින් භාවිත කළ යුතු බවටයි විශේෂඥයන් සහ භාවිතාකරන්නන් අවධාරණය කරන්නේ.









