උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

ඔස්ට්‍රේලියාවේ ආබාධිත පුද්ගලයින් උදෙසා ක්‍රියාත්මක වන ජාතික ආබාධිත රක්ෂණ යෝජනා ක්‍රමයට (NDIS) එරෙහිව සිදු කෙරුණු ඩොලර් මිලියන 5ක මහා පරිමාණ මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් තවත් ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) විසින් ඇඩිලේඩ් ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ 38 හැවිරිදි ලියාපදිංචි NDIS සේවා සපයන ආයතනයක අධ්‍යක්ෂවරයෙක්.

Banner 01

ඔහු විදෙස්ගත වීමට සූදානම් වූ අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Advertisement

NDIS ආයතනයේ ලියාපදිංචි ප්‍රතිලාභීන්ගේ රහස්‍ය තොරතුරු බලපත්‍ර රහිතව පරිශීලනය කර ඇති බවට අනාවරණය වීමත් සමඟ මෙම මහා පරිමාණ වංචාව පිළිබඳ විමර්ශන ආරම්භ වූයේ පසුගිය මාර්තු මාසයේදීයි.

පසුගිය ජූනි මාසයේදී මෙම වංචාවට සම්බන්ධ බවට සැකකෙරෙන 48 හැවිරිදි කාන්තාවක් ද අත්අඩංගුවට ගනු ලැබුවා.

Advertisement

ඇය NDIS ආයතනයේ සේවිකාවක් ලෙස කටයුතු කරමින් ප්‍රතිලාභීන්ගේ රහස්‍ය තොරතුරු ලබා දී ඇති අතර, ඒ සඳහා ඇයට ඩොලර් 53,000ක මුදලක් අල්ලස් ලෙස ලැබී ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.

අත්අඩංගුවට ගත් 38 හැවිරිදි පුද්ගලයාට එරෙහිව නීති විරෝධී ලෙස උපයා ගත් මුදල් ළඟ තබා ගැනීම සහ රාජ්‍ය ආයතනයක රහස්‍ය තොරතුරු ලබා ගැනීමට උත්සාහ කිරීම යන චෝදනා එල්ල කර තිබෙනවා.

ඔහුට එරෙහි පළමු චෝදනාවට වසර 25ක සහ දෙවන චෝදනාවට වසර 2ක සිරදඬුවම් නියම විය හැකි අතර  සැකකරු ඇඩිලේඩ් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.


උණුසුම් පුවත්

ශ්‍රී ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ 23 හැවිරිදි ඉනොෂ් තම්පෝ, තම පවුලට එකට ජීවත් විය හැකි නිවසක් මිලදී ගැනීම සඳහා විශාල...

ඔස්ට්‍රේලියාවේ Optus සහ Telstra දුරකථන ජාල බිඳවැටීම්වලින් පසු, 000 හදිසි ඇමතුම් සම්බන්ධයෙන් ජනතාවට අලුත් උපදෙස් නිකුත් කර තිබෙනවා. තමන් භාවිත...

KPMG Australia ආයතනය තම සේවක සංඛ්‍යාවෙන් සියයට 5කට ආසන්න ප්‍රමාණයක් අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව හවුල්කරුවන් 27 දෙනෙකු...

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම ඉහළ යාම මැද, Woolworths ආයතනය දෛනිකව භාවිත කරන ආහාර සහ ගෘහ භාණ්ඩ රැසක මිල අඩු කිරීමට පියවර...

මෙල්බන් නගරයේ ජනගහන වර්ධනයෙන් විශාල කොටසක් විදේශ සංක්‍රමණයෙන් සිදුව ඇති බව නව අධ්‍යයනයක් පෙන්වා දෙනවා. ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත පදනම්...

ක්වීන්ස්ලන්තයේ Townsville බන්ධනාගාරයට ඩ්‍රෝන යානයක් මගින් ඩොලර් මිලියනයකට අධික වටිනාකමකින් යුුුත් මත්ද්‍රව්‍ය පාර්සලයක් ගෙනයාමට උත්සාහ කළ බවට 47 හැවිරිදි පුද්ගලයෙකුට...

  Australia Post සහ StarTrack සමාගම් Christmas කාලයේ වැඩිවන parcel demand එකට සූදානම් වෙමින් රට පුරා රැකියා 3,500කට වැඩි ප්‍රමාණයක්...

ඔස්ට්‍රේලියාව “ෆොරෙවර් රෙන්ට්” රටවල් අතර ඉහළ ස්ථානයකට පත්ව ඇති බව නව ජාත්‍යන්තර දර්ශකයකින් පෙන්වා දී තිබෙනවා. OECD රටවල් 39ක් අතර...

භාණ්ඩ අපනයනකරුවන්ට මත්තල ගුවන් තොටුපොළින් සහන රැසක් Mattala Airport offers relief to exporters මත්තල ගුවන් තොටුපළ අපනයන සඳහා වඩාත් පුළුල්...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

විදෙස්ගතවීමට සූදානම් වූ NDIS වංචාවේ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

පුංචි කාලයේ දුටු සිහිනය සැබෑ කළ ශ්‍රී ලාංකික ගුවන් නියමුවා

ශ්‍රී ලංකාවේ උපන් 26 හැවිරිදි රොෂේන් මෙන්ඩිස් නවසීලන්ත රාජකීය ගුවන් හමුදාවේ නියමු පුහුණුව ලබමින් සිටිනවා. වයස අවුරුදු හයේදී දැවැන්ත ගුවන් යානයක් දැකීමෙන් ඇති වූ ආශාව

Read More »

දීප්තිමත් කහ පැහැති සර්පයාගෙන් ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ගෙවත්තකින් දීප්තිමත් කහ සහ කළු පැහැති සර්පයෙකු හමුවී තිබෙනවා. එය විෂ රහිත Common Tree Snake වර්ගයට අයත් දුර්ලභ වර්ණයක් සහිත සර්පයෙකු බවයි හඳුනාගෙන

Read More »

මෙල්බන් Child Care Centre එකක් හදිසියේ වසා දමයි – දෙමාපියන් දැඩි අසීරුතාවක

මෙල්බන් වයඹදිග පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් හදිසියේම වසා දැමීම හේතුවෙන් දෙමාපියන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිනවා. Avondale Heights Child Care and Early Learning Centre මෙලෙස හදිසියේම

Read More »

පාකිස්තාන රෝහලක බිහිසුණු ගින්නක් – බිළිඳුන් 14ක් මරුට

පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර රජයේ රෝහලක ළදරු ඒකකයේ අද අලුයම බිහිසුණු ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් අලුත උපන් බිළිඳුන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි බලධාරීන් තහවුරු

Read More »

AI වෙනුවෙන් විදුලිය ගන්නවා නම් ඒකට වන්දිත් දෙන්න වෙයිද?

ඔස්ට්‍රේලියාවේ වේගයෙන් වර්ධනය වන කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සඳහා අවශ්‍ය දත්ත මධ්‍යස්ථාන සම්බන්ධයෙන් අද National Cabinet හි විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. මෙම දත්ත මධ්‍යස්ථාන සඳහා විශාල විදුලි

Read More »

ජනතාවටත් නොකියා වික්ටෝරියා පොදු ප්‍රවාහනයට අමතර ගාස්තුවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදුකර තිබෙනවා. 2025 ජනවාරි මාසයේ සිට සාමාන්‍ය ගාස්තු වැඩිවීමට අමතරව තවත් සියයට එකක අමතර ගාස්තුවක් ජනතාවගෙන් අය

Read More »

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom