ශ්‍රී ලංකාවේ දෙමළ සරණාගත පවුලකින් පැවත එන එක්සත් රාජධානියේ ‘ස්ට්‍රැට්ෆෝඩ් ඇන්ඩ් බෝ’ පාර්ලිමේන්තු මන්ත්‍රී උමා කුමරන් , බ්‍රිතාන්‍ය විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ලෙස පත්කර තිබෙනවා.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ඉතිහාසයේ අමාත්‍ය ධුරයකට පත් වූ ප්‍රථම ශ්‍රී ලාංකේය දෙමළ සම්භවයක් සහිත තැනැත්තිය වන්නේ ද ඇයයි.
සිය නව පත්වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සටහනක් තබමින් උමා කුමරන් ප්‍රකාශ කළේ, ගෝලීය වශයෙන් නොසන්සුන් සහ අභියෝගාත්මක කාලපරිච්ඡේදයක එක්සත් රාජධානියේ ජාත්‍යන්තර නායකත්වය සහ විදේශ කටයුතු නියෝජනය කරමින් රටට සේවය කිරීමට ලැබීම තමන්ට ලැබුණු විශාල ගෞරවයක් බවයි.
නැගෙනහිර ලන්ඩනයේ උපත ලැබූ උමා කුමරන්ගේ දෙමාපියන් ශ්‍රී ලංකාවේ පැවැති සිවිල් යුද්ධය හමුවේ සරණාගතයන් ලෙස බ්‍රිතාන්‍යයට පැමිණි අතර, එකල ලේබර් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෙරමි කෝබින්ගේ (Jeremy Corbyn) මැදිහත්වීමෙන් ඔවුන්ට බ්‍රිතාන්‍යයේ පදිංචිය හිමි වුණා.
ඇය ලන්ඩන් ක්වීන් මේරි විශ්වවිද්‍යාලයෙන් (Queen Mary University of London) දේශපාලන විද්‍යාව පිළිබඳ ප්‍රථම උපාධිය ද, රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ පශ්චාත් උපාධිය (MSc) ද හදාරා තිබෙනවා.









