ඇමරිකාව සහ ඉරානය අතර යළි උත්සන්න වී ඇති ගැටුම් හේතුවෙන් ඔස්ට්‍රේලියානු ආර්ථිකයට නව පීඩනයක් එල්ල වී තිබෙනවා.
ගෝලීය තෙල් මිල ඉහළ යාමත් සමඟ ඉන්ධන මිල වැඩිවීමේ අවදානමක් මතුව ඇති අතර, එය උද්ධමනය පාලනය කිරීමේ අභියෝගය වැඩි කරනු ඇති බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.
මෙම තත්ත්වය දිගටම පැවතුණහොත් ඔස්ට්‍රේලියානු සංචිත බැංකුවට පොලී අනුපාත යළි ඉහළ දැමීම සලකා බැලීමට සිදුවිය හැකි බවට අනතුරු ඇඟවී තිබෙනවා.
මීට පෙර 2026 වසරේදී පොලී අනුපාත කිහිප වරක් ඉහළ දැමීමෙන් පසු, නිවාස ණය ගෙවන පවුල් සහ ව්‍යාපාරිකයන්ට මෙම නව අවදානම තවත් පීඩනයක් විය හැකියි.
ආර්ථික විශේෂඥයන් පවසන්නේ ඉන්ධන මිල ඉහළ යාම ප්‍රවාහන වියදම් සහ භාණ්ඩ මිල ගණන් කෙරෙහි ද බලපෑම් ඇති කළ හැකි බවයි.
කෙසේ වෙතත්, ඉදිරි සතියේ ගෝලීය දේශපාලන තත්ත්වය සහ තෙල් වෙළඳපොළේ වෙනස්කම් මත ඔස්ට්‍රේලියානු ආර්ථික ප්‍රතිපත්ති තීරණය වනු ඇති බව සඳහන්.









