උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) නිකුත් කළ 2026 ජූලි World Economic Outlook Update අනුව, 2026දී ලෝක ආර්ථික වර්ධනය සියයට 3.0ක් සහ 2027දී සියයට 3.4ක් ලෙස පුරෝකථනය කර තිබෙනවා.

වාර්තාව පෙන්වා දෙන්නේ යුද්ධ හා භූදේශපාලනික අර්බුද තවදුරටත් ආර්ථිකයට පීඩනයක් එල්ල කළද, කෘත්‍රිම බුද්ධිය (AI) සහ තාක්ෂණික ආයෝජන සමහර රටවල වර්ධනයට ශක්තියක් ලබා දෙන බවයි.

Banner 01

ඇමරිකා එක්සත් ජනපදය AI, තාක්ෂණික ආයෝජන සහ පාරිභෝගික වියදම් හේතුවෙන් ශක්තිමත් වර්ධනයක් පවත්වාගෙන යන බව IMF පවසනවා.

Advertisement

චීනය දේපළ වෙළඳපොළේ අර්බුද සහ දුර්වල දේශීය ඉල්ලුම හේතුවෙන් අභියෝගවලට මුහුණ දුන්නද, තාක්ෂණ හා කර්මාන්ත අංශ ආර්ථිකයට සහාය දෙන බව වාර්තාවේ සඳහන්.

යුරෝ කලාපය (Euro Area) මන්දගාමී වර්ධනයක් පෙන්වන අතර, බලශක්ති මිල සහ වෙළඳ අවිනිශ්චිතතාව තවමත් බලපාන සාධක ලෙස හඳුන්වා දී තිබෙනවා.

Advertisement

ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය 2026දී සියයට 1.9ක් දක්වා මන්දගාමී වනු ඇතැයි IMF පුරෝකථනය කරන අතර, ඉන්ධන මිල සහ ගෝලීය ආර්ථික අවිනිශ්චිතතාව ප්‍රධාන බලපෑම් ලෙස සඳහන් කරනවා.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් IMF වෙනම වාර්තාවක සඳහන් කරන්නේ 2026දී ආර්ථික වර්ධනය සියයට 3.0ක් පමණ වනු ඇති බවත්, ආර්ථික ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් බවයි.

සමස්තයක් ලෙස IMF අවධාරණය කරන්නේ උද්ධමනය පාලනය කිරීම, රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය ශක්තිමත් කිරීම සහ නව තාක්ෂණික අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගැනීම ඉදිරි වසරවල රටවල් සියල්ලටම අත්‍යවශ්‍ය වන බවයි.


උණුසුම් පුවත්

සිඩ්නි ගුවන් තොටුපළේ මාසයක් ඇතුළත සිදුවූ‍ හතරවැනි අනතුරුදායක ගුවන් යානා සිද්ධිය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ප්‍රවාහන ආරක්ෂක කාර්යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා....

මෙල්බන් නගරයේ ජනගහන වර්ධනයෙන් විශාල කොටසක් විදේශ සංක්‍රමණයෙන් සිදුව ඇති බව නව අධ්‍යයනයක් පෙන්වා දෙනවා. ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත පදනම්...

ඔස්ට්‍රේලියාවට පැමිණීමට බලා සිටින විදේශීය හෙදියන්, ගුරුවරුන් සහ වෙනත් දක්ෂ සේවකයන්ට වීසා තීරණයක් ලබාගැනීමට මාස 12ක් දක්වා බලා සිටීමට සිදුවිය...

ඔස්ට්‍රේලියාවේ විදේශිකයන් විසින් නිවාස සහ නේවාසික දේපළ මිලදී ගැනීම සඳහා ලබාගත් අනුමැති සංඛ්‍යාව සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙනවා. 2026...

මෙල්බන් නගරයේ විශාල සංගීත සහ ක්‍රීඩා ඉසව් සඳහා ආසන 20,000ක නව බහුකාර්ය Arena එකක් ඉදිකළ යුතු බවට ක්ෂේත්‍රයේ ප්‍රධානීන් ඉල්ලීමක්...

පැසිෆික් කලාපය හරහා ඔස්ට්‍රේලියාවට සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය කිරීම සඳහා ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) සහ නවසීලන්ත පොලිසිය එක්ව කොලොම්බියාවේදී විශේෂ...

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය අවසන් කරන විදේශීය සිසුන් බහුතරයක් නැවත තම රටවල් වෙත යනවාද, නැත්නම් ඔස්ට්‍රේලියාව තුළම රැඳී සිටිනවාද කියන ප්‍රශ්නය නැවතත්...

ඔස්ට්‍රේලියානු මාධ්‍ය ක්ෂේත්‍රයට නව පියවරක් තබමින් AusLanka TV මාධ්‍ය ජාලය විසින් මෙහෙයවන AusTV අද නිල වශයෙන් ආරම්භ කෙරුණා. AusTV නිල...

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රථම වරට Offshore Wind ව්‍යාපෘති සඳහා වන ටෙන්ඩර් කැඳවීම නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය යටතේ ගිගාවොට්...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

IMF ලෝක ආර්ථික අනාවැකිය නිකුත් කරයි- ඇමරිකාව, චීනය, ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව ගැන අලුත්ම තත්ත්වය මෙන්න

AIවලින් හදන ගීතවලට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්ද?

කෘතිම බුද්ධිය භාවිතයෙන් සම්පූර්ණයෙන්ම හෝ බොහෝ දුරට නිර්මාණය කළ ගීත ඔස්ට්‍රේලියාවේ නිල සංගීත දර්ශකවලට ඇතුළත් කිරීම තහනම් කර තිබෙනවා. Australian Recording Industry Association හෙවත් ARIA විසිනුයි මෙම නව

Read More »

පුංචි කාලයේ දුටු සිහිනය සැබෑ කළ ශ්‍රී ලාංකික ගුවන් නියමුවා

ශ්‍රී ලංකාවේ උපන් 26 හැවිරිදි රොෂේන් මෙන්ඩිස් නවසීලන්ත රාජකීය ගුවන් හමුදාවේ නියමු පුහුණුව ලබමින් සිටිනවා. වයස අවුරුදු හයේදී දැවැන්ත ගුවන් යානයක් දැකීමෙන් ඇති වූ ආශාව

Read More »

දීප්තිමත් කහ පැහැති සර්පයාගෙන් ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ගෙවත්තකින් දීප්තිමත් කහ සහ කළු පැහැති සර්පයෙකු හමුවී තිබෙනවා. එය විෂ රහිත Common Tree Snake වර්ගයට අයත් දුර්ලභ වර්ණයක් සහිත සර්පයෙකු බවයි හඳුනාගෙන

Read More »

මෙල්බන් Child Care Centre එකක් හදිසියේ වසා දමයි – දෙමාපියන් දැඩි අසීරුතාවක

මෙල්බන් වයඹදිග පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් හදිසියේම වසා දැමීම හේතුවෙන් දෙමාපියන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිනවා. Avondale Heights Child Care and Early Learning Centre මෙලෙස හදිසියේම

Read More »

පාකිස්තාන රෝහලක බිහිසුණු ගින්නක් – බිළිඳුන් 14ක් මරුට

පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර රජයේ රෝහලක ළදරු ඒකකයේ අද අලුයම බිහිසුණු ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් අලුත උපන් බිළිඳුන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි බලධාරීන් තහවුරු

Read More »

AI වෙනුවෙන් විදුලිය ගන්නවා නම් ඒකට වන්දිත් දෙන්න වෙයිද?

ඔස්ට්‍රේලියාවේ වේගයෙන් වර්ධනය වන කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සඳහා අවශ්‍ය දත්ත මධ්‍යස්ථාන සම්බන්ධයෙන් අද National Cabinet හි විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. මෙම දත්ත මධ්‍යස්ථාන සඳහා විශාල විදුලි

Read More »

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom