වික්ටෝරියා ප්‍රාන්තයේ වාණිජ දේපළ වෙළඳපොළ වෙත විදේශ ආයෝජකයන්ගේ අවධානය ඉහළ ගොස් ඇති බව නව වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.
විශේෂයෙන් ආසියානු රටවලින් පැමිණෙන ආයෝජන මෙල්බන් ඇතුළු වික්ටෝරියා ප්‍රදේශවල commercial property ගනුදෙනු සඳහා විශාල දායකත්වයක් ලබා දෙන බව සඳහන් වනවා.
Cushman & Wakefield ආයතනය පවසන්නේ 2025 වසරේ ඔවුන්ගේ වික්ටෝරියා දේපළ ගනුදෙනුවලින් සැලකිය යුතු ප්‍රමාණයක් Singapore, Vietnam සහ Malaysia වැනි ආසියානු ආයෝජකයන් විසින් සිදු කර ඇති බවයි.
ආයෝජකයන් NSW සහ Queensland වැනි ප්‍රාන්තවල ඉහළ මිල ගණන් වෙනුවට Melbourne සහ Victoria වෙළඳපොළ වඩාත් ආකර්ෂණීය අවස්ථාවක් ලෙස සලකන බවටයි වාර්තා වන්නේ.
Docklands කාර්යාල ගොඩනැගිල්ලක් විශාල මුදලකට විකිණීම ඇතුළු දැවැන්ත දේපළ ගනුදෙනු කිහිපයක්ද විදේශ ආයෝජන වර්ධනය පෙන්වන උදාහරණ ලෙස සඳහන් වනවා.
කෙසේ වෙතත්, පොලී අනුපාත ඉහළ යාම, ආර්ථික අවිනිශ්චිතතාව සහ නව බදු ප්‍රතිපත්ති හේතුවෙන් ආයෝජකයන් වඩාත් සැලකිලිමත් තීරණ ගන්නා බවට ද වැඩිදුරටත් සදහන්.









