උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

AI තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ අවදානමට ලක්ව ඇති රැකියා සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය විශේෂ දත්ත විශ්ලේෂණ වාර්තාවක් නිකුත් කළා.

2022 වසරේ ChatGPT වැනි මෙවලම් භාවිත කිරීමට පටන් ගත් දින සිට මේ දක්වා වසර 4ක කාලය තුළ රැකියා ක්ෂේත්‍රයට සිදු වූ සැබෑ බලපෑම මෙහිදී අනාවරණය කර තිබෙනවා.

Banner 01

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Matt Cowgill විසින් සකස් කරන ලද මෙම වාර්තාවට අනුව, ශාරීරික ශ්‍රමය සහ සෘජුව දෑතින් සිදු කරන රැකියා (Hands-on jobs) AI තාක්ෂණයේ බලපෑමෙන් වඩාත්ම ආරක්ෂිතව පවතිනවා.

Advertisement

ඒ අනුව Plumbers, Electricians, Child and Aged Care Workers ස්ථාවර මට්ටමක පසුවන බවයි වාර්තා වන්නේ.

එහෙත් Accountants, Receptionists සහ Marketing ක්ෂේත්‍රයේ වෘත්තිකයන් AI අවදානමට වැඩි වශයෙන් නිරාවරණය වී තිබෙනවා.

Advertisement

AI තාක්ෂණයට නිරාවරණය වීමේ වැඩිම ඉඩක් පවතින්නේ විශ්වවිද්‍යාල උපාධිධාරීන්ට සහ කාන්තාවන්ට වීම විශේෂත්වයක්.

වාර්තාවට අනුව, අවදානම අඩු වෘත්තීන්වල නියැලෙන්නන්ගෙන් 70%ක් පිරිමි පුද්ගලයන් වන අතර ඔවුන්ගෙන් බහුතරයක් උපාධිධාරීන් වන්නේ නැහැ.

කෙසේ වෙතත්, මේ වන විට ඔස්ට්‍රේලියානු රැකියා වෙළඳපොළ මෙම තත්ත්වයට සාර්ථකව මුහුණ දෙමින් සිටිනවා.

AI අවදානම සහිත රැකියා ක්ෂේත්‍රවල වර්ධනය 5.6%ක මන්දගාමී තත්ත්වයක පැවතුණ ද අවදානම අඩු රැකියා ක්ෂේත්‍ර 9.5%ක ඉහළ වර්ධනයක් පෙන්වා තිබෙනවා.

එමෙන්ම Software Developers වැනි වෘත්තීන්, AI තාක්ෂණය බහුලව භාවිත කළ ද, වසර 4ක් තුළ 25% ක රැකියා වර්ධනයක් අත්කරගෙන ඇති බවයි වාර්තාවේ දැක්වෙන්නේ.


උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාව තුළ ජීවන වියදම් පීඩනය දිගටම ඉහළ මට්ටමක පවතින අතර, ජනතාව තම මුදල් වියදම් කරන ආකාරයත් සැලකිය යුතු ලෙස වෙනස්...

ලොව වේගවත්ම මිනිසා වන ජැමෙයිකාවේ උසේන් බෝල්ට් 2009 වසරේදී තැබූ මීටර් 100 ලෝක වාර්තාව බිඳ හෙළීමට චීනයේ නිෂ්පාදිත රොබෝවරයෙකු සමත්ව...

ඔස්ට්‍රේලියාවේ ඉතිරිව සිටින මුහුදු සිංහයන් 12,000කට පමණ දරුණු Bird Flu වෛරසයෙන් විශාල තර්ජනයක් එල්ල වී තිබෙනවා. දකුණු ඔස්ට්‍රේලියාවේ මියගිය දිගු...

ඔස්ට්‍රේලියානු කොටස් වෙළඳපොළේ පාරිභෝගික අත්‍යවශ්‍ය භාණ්ඩ (Consumer Staples) ක්ෂේත්‍රයේ පෙරමුණට ගනිමින් Woolworths සමාගමේ කොටස් මිල අද දිනයේ 4.7%ක වර්ධනයක් වාර්තා...

NDIS අරමුදලින් ඩොලර් 700,000කට ආසන්න මුදලක් ව්‍යාජ ලෙස තම පුද්ගලික ගිණුම් වෙත ලබාගත් බවට චෝදනා ලැබූ 48 හැවිරිදි පුද්ගලයෙකු වික්ටෝරියා...

ඔස්ට්‍රේලියාවේ සීනි අඩංගු සිසිල් බීම සඳහා සියයට 20ක බද්දක් පැනවිය යුතු බවට නැවත යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. Griffith විශ්වවිද්‍යාලයේ නව...

ලබන නොවැම්බර් මාසයේදී පොලී අනුපාත 0.25%කින් ඉහළ යනු ඇති බවට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වාණිජ බැංකු දෙකක් වන ANZ සහ CBA අනාවැකි...

මෙල්බන් වයඹදිග පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් හදිසියේම වසා දැමීම හේතුවෙන් දෙමාපියන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිනවා. Avondale Heights Child Care and...

වික්ටෝරියා ප්‍රාන්ත රජය මගින් ආරම්භ කරන ලද Pill Testing Service ක්‍රියාත්මක වී වසරක් සම්පූර්ණ කිරීම හමුවේ ජීවිත රැසක් ආරක්ෂා කරගැනීමට...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

AI ආවත් මේ රැකියා තවමත් ආරක්ෂිතයි – ඔස්ට්‍රේලියානු රජයේ වාර්තාව මෙන්න

Customer Data ජාවාරමක් ගැන Telco සේවකයකුට චෝදනා

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. NSW Police Financial Crimes

Read More »

ඔස්ට්‍රේලියාවේ කාලගුණය අයහපත් ප්‍රාන්ත දෙකකට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. Victoria හි ඇතැම් ප්‍රදේශවලට ගංවතුර

Read More »

මෙල්බන් Nightlife ගැන ලෝකෙම කතා වෙයි

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ විනෝදාස්වාදය සම්බන්ධයෙන් ලොව පුරා නගරවාසීන්

Read More »

ඔස්ට්‍රේලියානු Suburbs වෙනස් වෙයි හේතුව මෙන්න

ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව තිබෙනවා. විශේෂයෙන් පැරණි නිවාස සහ

Read More »

සරණාගත කෝටාව අඩු කිරීමේ සැලසුම්වලට ලේබර් මන්ත්‍රීවරුන්ගෙන් විරෝධතා

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට පළවන වාර්තා හමුවේ පක්ෂ අභ්‍යන්තරයේ

Read More »

ලංකාවේ උපත ලැබූ 88,000ක් ඔස්ට්‍රේලියාවේ පුරවැසියන්

ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත මගින් තහවුරු වනවා. ව්‍යාපාර, අධ්‍යාපන,

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom