ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ජාත්‍යන්තර සිසුන්, ආසියානු රටවල් රැසක මුදල් ඒකක දුර්වල වීම හේතුවෙන් දැඩි මූල්‍ය පීඩනයකට මුහුණ දී සිටිනවා.
වියට්නාම ඩොං, ඉන්දියානු රුපියල්, ඉන්දුනීසියානු රුපියල් මෙන්ම ශ්‍රී ලංකා රුපියලද ඔස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂව දුර්වල වීම මෙයට බලපාන ප්‍රධාන කරුණුයි.
විශේෂයෙන් ශ්‍රී ලංකා රුපියලේ අස්ථාවරතාව හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට මාසික වියදම් සහ විශ්වවිද්‍යාල ගාස්තු ගෙවීම තවදුරටත් අභියෝගයක් වී තිබෙනවා.
විනිමය අනුපාත වෙනස්වීම හමුවේ ශ්‍රී ලංකාවෙන් යැවිය යුතු රුලියල් ප්‍රමාණය වැඩි අගයක් ගැනීම මෙයට ප්‍රධාන හේතුවක් ලෙසයි දැක්වෙන්නේ.
මෙම තත්ත්වය තුළ මෙල්බන්හි RMIT University සහ Monash University වැනි විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන ආසියානු සිසුන් රැසක් අර්ධකාලීන රැකියා දෙකක් හෝ කිහිපයක් කිරීමෙන් වියදම් පාලනය කිරීමට උත්සාහ කරමින් සිටිනවා.
විශේෂඥයන් පවසන්නේ වියට්නාම ඩොං 6%කින්, ඉන්දියානු සහ නේපාල රුපියල් 12.5%ක් පමණ සහ ඉන්දුනීසියානු රුපියල 15%කට ආසන්නව දුර්වල වී ඇති බවයි.
ශ්‍රී ලංකා රුපියලද පසුගිය කාලයේ විනිමය අස්ථාවරතාවක් පෙන්වීම නිසා විදේශ අධ්‍යාපන වියදම් තවදුරටත් ඉහළ ගොස් ඇති බව සඳහන්.
ආර්ථික විශේෂඥයන් අනතුරු අඟවන්නේ මෙවැනි විනිමය පීඩනය දිගටම පැවතියහොත් ශ්‍රී ලාංකික සිසුන් ඇතුළු ජාත්‍යන්තර සිසුන්ගේ අධ්‍යාපන තීරණ, ජීවන රටාව සහ ඔස්ට්‍රේලියාව තෝරාගැනීමේ හැකියාවටද බලපෑම් ඇති විය හැකි බවයි.
විශ්වවිද්‍යාල පාර්ශවය පවසන්නේ සිසුන් සඳහා මූල්‍ය සහාය සහ උපදේශන සේවා ලබා දෙන බවයි.
කෙසේ වෙතත්, විශේෂඥයන් අවධාරණය කරන්නේ රටවල් අතර විනිමය අනුපාත වෙනස්වීම ජාත්‍යන්තර අධ්‍යාපන වෙළඳපොළට දිගුකාලීන බලපෑමක් ඇති කළ හැකි බවයි.









