ඔස්ට්‍රේලියාව පුරා AI (Artificial Intelligence) තාක්ෂණයෙන් යුතු මාර්ග ආරක්ෂණ කැමරා හඳුන්වාදීමත් සමඟ විශාල දඩ මුදල් සංඛ්‍යාවක් නිකුත් වී ඇති බව වාර්තා වෙනවා.
පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී මෙම කැමරා ආරම්භ කළ පසු, Western Australia ප්‍රාන්තයේ පමණක් දඩ 184,000කට ආසන්න සංඛ්‍යාවක් නිකුත් කර තිබෙනවා.
New South Wales ප්‍රාන්තයේ 2024–2025 කාලය තුළ දඩ 130,000කට වැඩි ප්‍රමාණයක් නිකුත් වී ඇති අතර, Queensland ප්‍රාන්තයේ 2024 වසර තුළ දඩ 114,000කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ .
කෙසේ වෙතත්, මේ පිළිබඳ වැඩිම විවේචනය එල්ල වන්නේ දඩ මුදල් ප්‍රමාණය ගැනය .
Western Australia හි seatbelt නීති උල්ලංඝනය කිරීමකට අවම වශයෙන් Australian Dollar 550ක් සහ demerit points 4ක් දක්වා දඩ නියම පවතිනවා.
නැවත නැවත වැරදි සිදු කළහොත්, මෙම දඩ මුදල් ඉක්මනින් ඉහළ යා හැකි බවයි පොලිසිය සදහන් කරන්නේ.
උදාහරණයක් ලෙස, seatbelt exemption එකක් තිබූ රියදුරෙකුට වාර ගණනාවක් වැරදි හේතුවෙන් ඩොලර් 20,000කට ආසන්න දඩ මුදලක් නිකුත් කර තිබෙනවා.
දඩ අභියෝග කළ හැකි වුවද, එම appeal ක්‍රියාවලිය පහසුද සහ සාධාරණද යන්න පිළිබඳවද ප්‍රශ්න මතුවී ඇති බව සදහන් වනවා .
මෙම AI කැමරා පද්ධතිය ක්‍රියා කරන ආකාරය නම්, මාර්ග අසල ඇති කැමරා මගින් ලබාගත් පින්තූර computer vision තාක්ෂණයෙන් විශ්ලේෂණය කිරීමයි.
පළමුව AI software එක මඟින් සියලු පින්තූර පරීක්ෂා කරන අතර, වරදක් නොපෙනෙන පින්තූර ස්වයංක්‍රීයව මකා දමන අතර
සැක සහිත වරදක් තිබේ නම්, එම පින්තූර මිනිස් පරීක්ෂාවකට යොමු කර පසුව දඩ පත්‍ර නිකුත් කරනවා.
මෙම තාක්ෂණය මාර්ග ආරක්ෂාව වැඩි කිරීමට උපකාරීද, නැත්නම් රියදුරන්ට අධික බරක් දාන්නේද යන්න පිළිබඳව තවමත් විවාදයක් පවතිනවා.









