උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

ටස්මේනියාවේ South Launceston ප්‍රදේශයේ 43 හැවිරිදි කාන්තාවක්, තම හිටපු සහකරුට හානි කිරීමේ අරමුණින් විෂ සහිත කෝපි කිහිපයක් යැවූ බවට චෝදනා එල්ල වී තිබෙනවා.

Tasmania Police පවසන්නේ, එම කාන්තාව කෝපි මිලදීගෙන ඒවාට නොදන්නා ද්‍රව්‍යයක් එක්කර, පසුව ඒවා හිටපු සහකරු වෙත බෙදාහැරීමට කටයුතු කර ඇති බවයි.

Banner 01

කෝපි බෙදාහැරීම සඳහා ස්වාධීන delivery workers භාවිත කර ඇති බවත් පොලිසිය සඳහන් කරනවා.

Advertisement

47 හැවිරිදි එම පුද්ගලයාට පළමු කෝපි බෙදාහැරීම ලැබුණු අවස්ථාවේ එය සැක සහිත බවට හඳුනාගෙන, පානය නොකර පොලිසියට දැනුම් දී තිබෙනවා.

ඒ පැමිණිල්ලෙන් පසුව මාස කිහිපයක් පුරා සිදුකළ විමර්ශනයකදී, කෝපි කිහිපයක්ම හිටපු සහකරු වෙත යවා ඇති බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

Advertisement

පොලිස් පරීක්ෂණවලින් එම ද්‍රව්‍යය සම්බන්ධයෙන් මුල් තොරතුරු ලැබී ඇති නමුත්, සම්පූර්ණ අධිකරණ වෛද්‍ය වාර්තාව තවමත් සිදුකරමින් පවතින බව Tasmania Police පවසනවා.

කාන්තාව ඊයේ අත්අඩංගුවට ගෙන ඇති අතර, හානි කිරීමේ අරමුණින් විෂ ද්‍රව්‍යයක් නීතිවිරෝධී ලෙස ලබාදීමට උත්සාහ කිරීමේ චෝදනා දෙකක් ඇයට එල්ල වී තිබෙනවා.

එමෙන්ම ඇය අද Launceston Magistrates Court හමුවේ පෙනී සිටීමට නියමිතයි.

මෙය Tasmania Police පවා “ඉතා අසාමාන්‍ය” සහ “ඉලක්ක කර සිදුකළ සිද්ධියක්” ලෙස විස්තර කර ඇති අතර, කෝපි බෙදාහැරීමට සම්බන්ධ වූ delivery workers මෙම සැලැස්ම ගැන දැන සිටි බවට මෙතෙක් කිසිදු සාක්ෂියක් නොමැති බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.


උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවට මේ වසරේ වාර්තාගත ලෙස වැඩිම වැසි ලැබුණු El Niño වසරක් බවට පත්වීමට ඉඩ ඇති බව අද මාධ්‍ය වාර්තා කරනවා....

ඔස්ට්‍රේලියාවේ ඉතිරිව සිටින මුහුදු සිංහයන් 12,000කට පමණ දරුණු Bird Flu වෛරසයෙන් විශාල තර්ජනයක් එල්ල වී තිබෙනවා. දකුණු ඔස්ට්‍රේලියාවේ මියගිය දිගු...

ඔස්ට්‍රේලියාවේ පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණ ආවරණ ලබා නොගන්නා ඉහළ ආදායම් ලබන්නන් සඳහා වන මෙඩිකෙයා අතිරේක බද්ද (Medicare Levy Surcharge) 3% දක්වා...

සිඩ්නි ගුවන් තොටුපළේ මාසයක් ඇතුළත සිදුවූ‍ හතරවැනි අනතුරුදායක ගුවන් යානා සිද්ධිය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ප්‍රවාහන ආරක්ෂක කාර්යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා....

2024 වසරේදී සිදුවූ Luke Briggsගේ මරණය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි වික්ටෝරියා පොලිස් නිලධාරීන් දෙදෙනා නිදහස් කිරීමට මෙල්බන් මහේස්ත්‍රාත් අධිකරණය තීරණය...

නවසීලන්තයේ සිට Sydney වෙත පැමිණි 35 හැවිරිදි පුද්ගලයෙකුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී හමුවූ ඉලෙක්ට්‍රොනික උපකරණ දෙකකින් child abuse materials සොයා...

ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාරික, ප්‍රජා සහ ප්‍රාදේශීය සංවිධාන එකතුවක් රජයෙන් ජාතික සංක්‍රමණ සමුළුවක් කැඳවන ලෙස ඉල්ලා තිබෙනවා. ඔවුන් පවසන්නේ skilled migration, regional...

  Australia Post සහ StarTrack සමාගම් Christmas කාලයේ වැඩිවන parcel demand එකට සූදානම් වෙමින් රට පුරා රැකියා 3,500කට වැඩි ප්‍රමාණයක්...

One Nation පක්ෂය මගින් පනවා ඇති ශුද්ධ විදේශ සංක්‍රමණික ඉලක්කයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී David Farley විශේෂ පැහැදිලි කිරීමක් සිදු කර...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Delivery worker අතේ Exට යැවූ ‘වස කෝපි’

පුංචි කාලයේ දුටු සිහිනය සැබෑ කළ ශ්‍රී ලාංකික ගුවන් නියමුවා

ශ්‍රී ලංකාවේ උපන් 26 හැවිරිදි රොෂේන් මෙන්ඩිස් නවසීලන්ත රාජකීය ගුවන් හමුදාවේ නියමු පුහුණුව ලබමින් සිටිනවා. වයස අවුරුදු හයේදී දැවැන්ත ගුවන් යානයක් දැකීමෙන් ඇති වූ ආශාව

Read More »

දීප්තිමත් කහ පැහැති සර්පයාගෙන් ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ගෙවත්තකින් දීප්තිමත් කහ සහ කළු පැහැති සර්පයෙකු හමුවී තිබෙනවා. එය විෂ රහිත Common Tree Snake වර්ගයට අයත් දුර්ලභ වර්ණයක් සහිත සර්පයෙකු බවයි හඳුනාගෙන

Read More »

මෙල්බන් Child Care Centre එකක් හදිසියේ වසා දමයි – දෙමාපියන් දැඩි අසීරුතාවක

මෙල්බන් වයඹදිග පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් හදිසියේම වසා දැමීම හේතුවෙන් දෙමාපියන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිනවා. Avondale Heights Child Care and Early Learning Centre මෙලෙස හදිසියේම

Read More »

පාකිස්තාන රෝහලක බිහිසුණු ගින්නක් – බිළිඳුන් 14ක් මරුට

පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර රජයේ රෝහලක ළදරු ඒකකයේ අද අලුයම බිහිසුණු ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් අලුත උපන් බිළිඳුන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි බලධාරීන් තහවුරු

Read More »

AI වෙනුවෙන් විදුලිය ගන්නවා නම් ඒකට වන්දිත් දෙන්න වෙයිද?

ඔස්ට්‍රේලියාවේ වේගයෙන් වර්ධනය වන කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සඳහා අවශ්‍ය දත්ත මධ්‍යස්ථාන සම්බන්ධයෙන් අද National Cabinet හි විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. මෙම දත්ත මධ්‍යස්ථාන සඳහා විශාල විදුලි

Read More »

ජනතාවටත් නොකියා වික්ටෝරියා පොදු ප්‍රවාහනයට අමතර ගාස්තුවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදුකර තිබෙනවා. 2025 ජනවාරි මාසයේ සිට සාමාන්‍ය ගාස්තු වැඩිවීමට අමතරව තවත් සියයට එකක අමතර ගාස්තුවක් ජනතාවගෙන් අය

Read More »

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom