ඔස්ට්‍රේලියාවේ පවතින නිවාස අර්බුදයට විසඳුමක් ලෙස නිවාස ඉදිකිරීම වේගවත් කිරීමට නව ක්‍රම පිළිබඳ අවධානය යොමු වෙමින් තිබෙනවා.
රජය ගෙවල් ඉදිකිරීමේ නීති සහ අවසර ක්‍රම සරල කර, අලුත් ගෙවල් ඉක්මනින් ඉදිකිරීමට පහසු වන ලෙස National Construction Code එක වෙනස් කිරීමටයි සූදානම් වන්නේ.
මේ අතර factoryවල කොටස් සකස් කර පසුව ඉඩමේ එකලස් කරන prefabricated සහ modular homes වැනි නව ඉදිකිරීම් ක්‍රම වැඩි වශයෙන් භාවිතා කිරීම පිළිබඳ යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවා.
විපක්ෂ Housing Spokesman Andrew Bragg පවසන්නේ දැනට පවතින ඉදිකිරීම් නීති සරල කිරීමෙන් අඩු වියදමකින් සහ ඉක්මනින් වැඩි ගෙවල් ප්‍රමාණයක් ඉදිකළ හැකි බවයි.
එමෙන්ම කලින් අනුමත කළ නිවාස සැලසුම් භාවිතා කිරීමෙන් planning approvals සඳහා ගතවන කාලය අඩු කළ හැකි බවත් ඔහු යෝජනා කරනවා.
කෙසේ වෙතත්, නීති අඩු කිරීමෙන් නිවෙස්වල ගුණාත්මකභාවය, බලශක්ති කාර්යක්ෂමතාව සහ ප්‍රවේශ පහසුකම් අඩුවිය හැකි බවට විවේචනත් එල්ල වී තිබෙනවා.
නිවාස මිල සහ ඉදිකිරීම් වියදම් ඉහළ ගොස් ඇති පසුබිමක, නිවාස ඉක්මනින් සහ අඩු වියදමකින් ඉදිකිරීම දැන් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන දේශපාලන විවාදයක් බවට පත්වෙලා.









