ඉරානය සමඟ පවතින යුද්ධය අවසන් වූ පසු Strait of Hormuz ඇමරිකානු භූමි ප්‍රදේශයක් ලෙස ප්‍රකාශ කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.
ඉරානය මේ ප්‍රකාශය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් Hormuz සමුද්‍ර සන්ධිය ඉරානයට අයත් බවයි අවධාරණය කර ඇත්තේ.
මේ වනවිට ඇමරිකාව ඉරානයට එරෙහි නාවික අවහිර කිරීමක් ක්‍රියාත්මක කරමින් සිටින අතර කලාපයේ ආතතිය තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
යුද්ධය නිසා Hormuz හරහා සිදුවන නැව් ගමනාගමනය විශාල ලෙස අඩුවී ඇති බවයි වාර්තා වන්නේ.
යුද්ධයට පෙර ලෝක තෙල් සැපයුමේ සියයට 20කට ආසන්න ප්‍රමාණයක් මෙම මුහුදු මාර්ගය හරහා ගමන් කළ බව වාර්තා වෙනවා.
Hormuz සම්බන්ධ අර්බුදය දිගටම පැවතුණහොත් ලෝක බලශක්ති වෙළඳපොළට සහ ඉන්ධන මිලට තවදුරටත් බලපෑම් ඇතිවිය හැකි බවටයි අවධානය යොමු වී ඇත්තේ.
ට්‍රම්ප්ගේ නව ප්‍රකාශයත් සමඟ ඇමරිකාව සහ ඉරානය අතර දැනටමත් උණුසුම් වී ඇති ගැටුම තවත් තීව්‍ර විය හැකි බවටද බිය පළවෙමින් තිබෙනවා.









