උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

වික්ටෝරියාවේ සතුන් අතගෑමට අවස්ථාව ලබාදෙන ස්ථානයකට ගිය දරුවන් දෙදෙනෙකු Shiga toxin-producing E. coli (STEC) නමැති බරපතළ බැක්ටීරියා ආසාදනයකට ලක්වීමෙන් සෞඛ්‍ය අංශ විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

ආසාදිත දරුවන් අතර වයස අවුරුදු තුනක දරුවෙකුට මොළයට ස්ථිර හානි සහ වකුගඩු අකර්මණ්‍යතාව ඇතිවී ඇති අතර, ඉදිරියේදී වකුගඩු බද්ධ කිරීමක් අවශ්‍ය විය හැකි බවයි වාර්තා වන්නේ.

Banner 01

වයස අවුරුදු දෙකක් වන තවත් දරුවෙකු මෙම ආසාදනයෙන් පසු සති තුනක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා.

Advertisement

STEC බැක්ටීරියාව විශේෂයෙන් ගවයන් ඇතුළු සතුන්ගේ මළ ද්‍රව්‍යවල තිබිය හැකි අතර, සතුන් සමඟ සම්බන්ධ වීම, දූෂිත ආහාර හෝ ජලය සහ අත් නිසි ලෙස නොසේදීම හරහා මිනිසුන්ට පැතිරිය හැකියි.

මෙම ආසාදනයෙන් දැඩි බඩේ වේදනාව, වමනය සහ ලේ සහිත පාචනය වැනි ලක්ෂණ ඇතිවිය හැකි අතර, ඇතැම් අවස්ථාවල Haemolytic Uraemic Syndrome (HUS) නමැති වකුගඩුවලට දැඩි හානි කරන තත්ත්වයක් ද ඇතිවිය හැකියි.

Advertisement

විශේෂයෙන් වයස අවුරුදු පහට අඩු දරුවන්ට බරපතළ සංකූලතා ඇතිවීමේ අවදානම වැඩි බැවින්, සතුන් අතගෑමෙන් පසු සබන් සහ ජලයෙන් අත් හොඳින් සේදීම අත්‍යවශ්‍ය බවයි සෞඛ්‍ය බලධාරීන් දෙමාපියන්ට අවධාරණය කරන්නේ.

දරුවෙකුට සතුන් සමඟ සම්බන්ධ වීමෙන් පසු දැඩි පාචනය, ලේ සහිත මළපහ, වමනය හෝ අසාමාන්‍ය ලෙස දුර්වල වීමක් පෙනේ නම් ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත් බවද සෞඛ්‍ය අංශ පවසනවා.

 


උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියානු මාර්ගවල රියදුරන්ගේ භයානක රිය පැදවීමේ පුරුද්දක් පාලනය කිරීම සඳහා නව circular road markings හඳුන්වාදීමට යෝජනා වී තිබෙනවා. මෙම සලකුණු...

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ජූලි මාසයේදී සියයට 3.5 දක්වා පහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය (ABS) නිකුත් කළ නවතම දත්ත පෙන්වා...

මෙල්බන් නැගෙනහිර Westfield Knox සාප්පු සංකීර්ණයේ සිදුවූ මාරක රිය අනතුරකින් 27 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුර සිදුව ඇත්තේ අද...

මෙල්බන්හි පිහිටි ප්‍රධාන පෙළේ රෝහලක් වන Royal Melbourne Hospital විසින් සිය විශේෂඥ වෛද්‍ය සායන සඳහා රෝගීන් ඇතුළත් කරගැනීම නිශ්චිත ප්‍රදේශවල...

Brisbane හි බටහිර ප්‍රදේශයේ Brookfieldහි 23 හැවිරිදි කාන්තාවකට සිදු වූ බව කියන ලිංගික ප්‍රහාරයකින් පසු, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ...

බටහිර ඔස්ට්‍රේලියාවේ Kalgoorlie-Boulder ප්‍රදේශයේදී නිරුවතින් ගිලන් රථයකට පහර දුන් පුද්ගලයෙකුට සිරගත නොකර අත්හිටවූ දඬුවමක් ලබාදී තිබෙනවා. 26 හැවිරිදි Brian Charles...

ඔස්ට්‍රේලියාවේ පාසල් සිසුන්ගේ Digital devices භාවිතය සම්බන්ධයෙන් නැවත සලකා බැලිය යුතු බවට මේ වනවිට පුළුල් සාකච්ඡාවක් ඇතිවී තිබෙනවා. Federal Education...

වික්ටෝරියා ප්‍රාන්තයේ Coles සේවකයන්ට එල්ල වන තර්ජන සහ ප්‍රචණ්ඩ ක්‍රියා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. පසුගිය වසර දෙක තුළ...

ඔස්ට්‍රේලියානු නිවාසවල විදුලි බිල අඩු කරගැනීමට Home Battery එකක් මුලින්ම සවි කිරීම හොඳම විසඳුම නොවන බව නව පර්යේෂණයකින් පෙන්වා දෙනවා....

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

සතුන් අතගෑමෙන් දරුවන්ට බරපතළ රෝගයක් – වික්ටෝරියාවේ දෙමාපියන්ට අනතුරු ඇඟවීමක්

පුංචි කාලයේ දුටු සිහිනය සැබෑ කළ ශ්‍රී ලාංකික ගුවන් නියමුවා

ශ්‍රී ලංකාවේ උපන් 26 හැවිරිදි රොෂේන් මෙන්ඩිස් නවසීලන්ත රාජකීය ගුවන් හමුදාවේ නියමු පුහුණුව ලබමින් සිටිනවා. වයස අවුරුදු හයේදී දැවැන්ත ගුවන් යානයක් දැකීමෙන් ඇති වූ ආශාව

Read More »

දීප්තිමත් කහ පැහැති සර්පයාගෙන් ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ගෙවත්තකින් දීප්තිමත් කහ සහ කළු පැහැති සර්පයෙකු හමුවී තිබෙනවා. එය විෂ රහිත Common Tree Snake වර්ගයට අයත් දුර්ලභ වර්ණයක් සහිත සර්පයෙකු බවයි හඳුනාගෙන

Read More »

මෙල්බන් Child Care Centre එකක් හදිසියේ වසා දමයි – දෙමාපියන් දැඩි අසීරුතාවක

මෙල්බන් වයඹදිග පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් හදිසියේම වසා දැමීම හේතුවෙන් දෙමාපියන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිනවා. Avondale Heights Child Care and Early Learning Centre මෙලෙස හදිසියේම

Read More »

පාකිස්තාන රෝහලක බිහිසුණු ගින්නක් – බිළිඳුන් 14ක් මරුට

පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර රජයේ රෝහලක ළදරු ඒකකයේ අද අලුයම බිහිසුණු ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් අලුත උපන් බිළිඳුන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි බලධාරීන් තහවුරු

Read More »

AI වෙනුවෙන් විදුලිය ගන්නවා නම් ඒකට වන්දිත් දෙන්න වෙයිද?

ඔස්ට්‍රේලියාවේ වේගයෙන් වර්ධනය වන කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සඳහා අවශ්‍ය දත්ත මධ්‍යස්ථාන සම්බන්ධයෙන් අද National Cabinet හි විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. මෙම දත්ත මධ්‍යස්ථාන සඳහා විශාල විදුලි

Read More »

ජනතාවටත් නොකියා වික්ටෝරියා පොදු ප්‍රවාහනයට අමතර ගාස්තුවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදුකර තිබෙනවා. 2025 ජනවාරි මාසයේ සිට සාමාන්‍ය ගාස්තු වැඩිවීමට අමතරව තවත් සියයට එකක අමතර ගාස්තුවක් ජනතාවගෙන් අය

Read More »

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom