Melbourne නගරයේ ආන්දෝලනයට ලක්වූ විශාල දැන්වීම් පුවරුවක් සහිත ට්‍රක් රථයක් පොලිස් පරීක්ෂණයකින් පසු නැවතත් මාර්ගවලට පැමිණ තිබෙනවා.
මෙම ට්‍රක් රථය Victorian Premier Jacinta Allan ඉලක්ක කරමින් “Ditch the Witch” යන වාක්‍යය ප්‍රදර්ශනය කිරීම නිසා පසුගිය කාලයේ දැඩි විවේචනයට ලක්වුණා.
එම දැන්වීම කාන්තාවන්ට අපහාසාත්මක සහ ලිංගික පදනමක් සහිත ප්‍රචාරයක් බවට දේශපාලන නායකයන් සහ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරන පිරිස් චෝදනා කර තිබුණා.
පසුව Victoria Police විසින් ට්‍රක් රථයට දෝෂ දැනුම්දීමක් නිකුත් කර, VicRoads පරීක්ෂාවකට ඉදිරිපත් කරන ලෙසයි දැනුම් දී ඇත්තේ.
කෙසේ වෙතත් VicRoads පරීක්ෂාවෙන් එම ට්‍රක් රථය මාර්ගයේ ධාවනයට සුදුසු බව තහවුරු වී ඇති බව පොලිසිය පවසනවා.
ඒ අනුව ට්‍රක් රථය සම්බන්ධයෙන් තවදුරටත් නීතිමය පියවර නොගන්නා බව Victoria Police ප්‍රකාශ කර තිබෙනවා.
ට්‍රක් රථය නැවත Melbourne මාර්ගවල දක්නට ලැබී ඇති අතර, එහි ප්‍රදර්ශනය කරන විවාදාත්මක දැන්වීම් සම්බන්ධයෙන් තවමත් මහජන විවේචන පවතිනවා.









