උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

වික්ටෝරියා ප්‍රාන්ත රජය යෝජනා කර තිබූ Work From Home නීති ක්‍රියාත්මක කිරීම 2026 සැප්තැම්බර් 1 සිට 2027 ජූලි 1 දක්වා කල් දැමීමට Premier Ben Carroll තීරණය කර තිබෙනවා.

මෙම යෝජිත නීති යටතේ තම රැකියාව නිවසේ සිට සාධාරණ ලෙස කළ හැකි සේවකයන්ට සතියකට දින දෙකක් දක්වා නිවසේ සිට වැඩ කිරීමේ අයිතිය ලබාදීමට සැලසුම් කර තිබුණා.

Banner 01

කෙසේ වෙතත් ව්‍යාපාරික ප්‍රජාව සමඟ තවදුරටත් සාකච්ඡා කර නීතිය වඩාත් සමබර ආකාරයකින් සකස් කිරීම සඳහා මෙම ක්‍රියාත්මක කිරීම කල් දැමූ බව Premier Ben Carroll පවසනවා.

Advertisement

විශේෂයෙන්ම Business Council of Australia ඇතුළු ව්‍යාපාරික කණ්ඩායම් මෙම යෝජනාවට විරෝධය පළ කරමින්, දැනටමත් සේවකයන්ට සහ සේවායෝජකයන්ට නම්‍යශීලී වැඩ ක්‍රම පිළිබඳ එකඟ වීමට හැකියාව තිබෙන බව පෙන්වා දී තිබෙනවා.

කෙසේ වෙතත් රජය පවසන්නේ සේවකයන්ට නම්‍යශීලීව වැඩ කිරීමේ අවස්ථාව ලබාදීම පවුල් ජීවිතයට මෙන්ම ඵලදායීතාවටද වැදගත් වන අතර, ව්‍යාපාරික අංශය සමඟ සාකච්ඡා කර නීතියේ අවශ්‍ය සංශෝධන සිදුකරන බවයි.

Advertisement

ඒ අනුව මෙම නීති පිළිබඳ අවසන් තීරණයට පෙර සේවකයන්, පවුල් සහ ව්‍යාපාරික අංශය අතර සමබරතාවයක් ඇති කිරීම සඳහා තවදුරටත් සාකච්ඡා පැවැත්වීමට Victorian රජය සූදානම් වනවා.

නව සැලැස්මට අනුව Work From Home නීති 2027 ජූලි 1 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, එමගින් වික්ටෝරියානු සේවකයන්ගේ නම්‍යශීලී වැඩ අයිතිවාසිකම් පිළිබඳ ඉදිරි මාස කිහිපය තුළ තවදුරටත් සාකච්ඡා කරනු ඇති.


උණුසුම් පුවත්

Victoria ප්‍රාන්තයේ සියලුම ජනතාවට නොමිලේ දන්ත ප්‍රතිකාර ලබාදීමේ නව වැඩපිළිවෙළක් Labor රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. අගමැති බෙන්...

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රියම ක්ෂණික ආහාර අවන්හල් ජාලය ලෙස මැක්ඩොනල්ඩ්ස් පළමු ස්ථානයට පත්ව තිබෙනවා. රෝයි මෝගන් ආයතනය නිකුත් කළ නවතම දත්ත අනුව,...

වික්ටෝරියා ප්‍රාන්තයේ Coles සේවකයන්ට එල්ල වන තර්ජන සහ ප්‍රචණ්ඩ ක්‍රියා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. පසුගිය වසර දෙක තුළ...

2024 වසරේදී සිදුවූ Luke Briggsගේ මරණය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි වික්ටෝරියා පොලිස් නිලධාරීන් දෙදෙනා නිදහස් කිරීමට මෙල්බන් මහේස්ත්‍රාත් අධිකරණය තීරණය...

2026 සැප්තැම්බර් මාසයේ සිට ඔස්ට්‍රේලියාවේ මිලියන ගණනක ජනතාවකට බලපාන ප්‍රධාන මූල්‍ය සහ සුභසාධන සංශෝධන කිහිපයක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන...

ඔස්ට්‍රේලියාවේ ජාතික ශුද්ධ ණය පසුගිය දශකය තුළ දෙගුණ වී ඇති අතර, එය ජනගහනයට බෙදා බැලූ විට එක් පුද්ගලයෙකුට ආසන්නව ඩොලර්...

Queensland හි Biloela ප්‍රදේශයේ පවතින බරපතළ මානසික සෞඛ්‍ය ගැටලුවක් පිළිබඳව අද නව වාර්තාවක් මගින් අවධානය යොමු කර තිබෙනවා. ජනගහනය 6,000කටත්...

වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදුකර තිබෙනවා. 2025 ජනවාරි මාසයේ සිට සාමාන්‍ය ගාස්තු වැඩිවීමට අමතරව තවත් සියයට...

ජාත්‍යන්තර අපරාධ අධිකරණය හෙවත් ICC ආයතනය “බිඳ දැමීමට” Trump පරිපාලනය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ ඔස්ට්‍රේලියානු නිලධාරීන් දැඩි කනස්සල්ල පළකර තිබෙනවා....

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ගෙදර ඉඳන් වැඩකරන්න බලන් හිටපු වික්ටෝරියා සේවකයන්ට අලුත් දැනුම්දීමක්

පුංචි කාලයේ දුටු සිහිනය සැබෑ කළ ශ්‍රී ලාංකික ගුවන් නියමුවා

ශ්‍රී ලංකාවේ උපන් 26 හැවිරිදි රොෂේන් මෙන්ඩිස් නවසීලන්ත රාජකීය ගුවන් හමුදාවේ නියමු පුහුණුව ලබමින් සිටිනවා. වයස අවුරුදු හයේදී දැවැන්ත ගුවන් යානයක් දැකීමෙන් ඇති වූ ආශාව

Read More »

දීප්තිමත් කහ පැහැති සර්පයාගෙන් ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ගෙවත්තකින් දීප්තිමත් කහ සහ කළු පැහැති සර්පයෙකු හමුවී තිබෙනවා. එය විෂ රහිත Common Tree Snake වර්ගයට අයත් දුර්ලභ වර්ණයක් සහිත සර්පයෙකු බවයි හඳුනාගෙන

Read More »

මෙල්බන් Child Care Centre එකක් හදිසියේ වසා දමයි – දෙමාපියන් දැඩි අසීරුතාවක

මෙල්බන් වයඹදිග පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් හදිසියේම වසා දැමීම හේතුවෙන් දෙමාපියන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිනවා. Avondale Heights Child Care and Early Learning Centre මෙලෙස හදිසියේම

Read More »

පාකිස්තාන රෝහලක බිහිසුණු ගින්නක් – බිළිඳුන් 14ක් මරුට

පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර රජයේ රෝහලක ළදරු ඒකකයේ අද අලුයම බිහිසුණු ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් අලුත උපන් බිළිඳුන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි බලධාරීන් තහවුරු

Read More »

AI වෙනුවෙන් විදුලිය ගන්නවා නම් ඒකට වන්දිත් දෙන්න වෙයිද?

ඔස්ට්‍රේලියාවේ වේගයෙන් වර්ධනය වන කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සඳහා අවශ්‍ය දත්ත මධ්‍යස්ථාන සම්බන්ධයෙන් අද National Cabinet හි විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. මෙම දත්ත මධ්‍යස්ථාන සඳහා විශාල විදුලි

Read More »

ජනතාවටත් නොකියා වික්ටෝරියා පොදු ප්‍රවාහනයට අමතර ගාස්තුවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදුකර තිබෙනවා. 2025 ජනවාරි මාසයේ සිට සාමාන්‍ය ගාස්තු වැඩිවීමට අමතරව තවත් සියයට එකක අමතර ගාස්තුවක් ජනතාවගෙන් අය

Read More »

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom