Taliban සංවිධානය Afghanistanහි නැවත බලයට පැමිණ අදට වසර පහක් සම්පූර්ණ වී තිබෙනවා.
2021 අගෝස්තු 15 වැනිදා Kabul අගනුවර අත්පත් කරගැනීමෙන් පසු Taliban පාලනය රටේ බලය තහවුරු කරගත්තා.
වසර පහ පිරීම නිමිත්තෙන් Kabul නුවර උත්සව සහ හමුදා ප්‍රදර්ශන පවත්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේ වෙතත් Taliban පාලනය යටතේ කාන්තාවන්ගේ අධ්‍යාපනය, රැකියා සහ පොදු ජීවිතයට සහභාගී වීම දැඩි ලෙස සීමා වී ඇති බව මානව හිමිකම් සංවිධාන පවසනවා.
Australia රජය පවසන්නේ Afghanistan ජනතාවට ලබාදෙන සහාය තවදුරටත් පවත්වාගෙන යන බවයි.
Taliban පාලනයට එරෙහි සම්බාධක සහ ඉලක්කගත මානුෂීය ආධාර හරහා ජාත්‍යන්තර පීඩනය දිගටම ගෙන යන බවත් Australia අවධාරණය කර තිබෙනවා.









