වික්ටෝරියා ප්‍රාන්තයේ රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් වැටුප් සහ සේවා කොන්දේසි සම්බන්ධයෙන් කාර්මික ක්‍රියාමාර්ගයකට සූදානම් වී තිබෙනවා.
ඔවුන් වසර හතරක් තුළ සියයට 30ක වැටුප් වැඩිවීමක්, වඩා හොඳ සේවා තත්ත්වයන් සහ ආරක්ෂිත වැඩ මුර ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.
වෛද්‍ය වෘත්තීය සමිතිය පවසන්නේ මාස 12කට වැඩි කාලයක් සාකච්ඡා පැවතුණද එකඟතාවකට පැමිණීමට නොහැකි වූ බවයි.
මුල් අදියරේදී පරිපාලන කටයුතු සීමා කිරීමේ ක්‍රියාමාර්ග ආරම්භ කරන අතර, අවශ්‍ය වුවහොත් එය වැඩ වර්ජනයක් දක්වා පුළුල් කළ හැකි බව සඳහන්.
කෙසේ වෙතත්, හදිසි ප්‍රතිකාර සහ අත්‍යවශ්‍ය රෝගී සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යන බව වෛද්‍යවරුන්ගේ නියෝජිතයන් පවසනවා.
වික්ටෝරියා රජය සඳහන් කරන්නේ සාකච්ඡා තවදුරටත් යහපත් විශ්වාසයෙන් සිදුවන අතර, රෝහල් සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යාමට සැලසුම් සකස් කර ඇති බවයි.
මෙම වැටුප් ගැටලුව විසඳීම සඳහා රජය සහ වෛද්‍යවරුන් අතර සාකච්ඡා ඉදිරියේදීත් පැවැත්වීමට නියමිතයි.









