පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර රජයේ රෝහලක ළදරු ඒකකයේ අද අලුයම බිහිසුණු ගින්නක් හටගෙන තිබෙනවා.
ගින්නෙන් අලුත උපන් බිළිඳුන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි බලධාරීන් තහවුරු කරන්නේ.
ගින්න හටගන්නා අවස්ථාවේ එම ඒකකයේ බිළිඳුන් 15 දෙනෙකු සිට ඇති අතර, එක් බිළිඳෙකු පමණක් බේරාගෙන තිබෙනවා.
වායුසමීකරණ යන්ත්‍රයක compressor එක පුපුරා යාමක් හෝ විදුලි කාන්දුවක් ගින්නට හේතුවන්නට ඇති බවට සැක කෙරෙනවා.
ඒකකය තුළ තිබූ ඔක්සිජන් සිලින්ඩර් සහ ඔක්සිජන් නළ හේතුවෙන් ගින්න වේගයෙන් පැතිර ගොස් ඇති බවයි මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ.
සිද්ධිය වන අවස්ථාවේ එහි සිටි වෛද්‍යවරුන් දෙදෙනෙකු සහ සෞඛ්‍ය සේවකයන් දෙදෙනෙකු ආරක්ෂිතව බේරී තිබෙනවා.
පාකිස්තාන අගමැති Shehbaz Sharif සිද්ධිය සම්බන්ධයෙන් වහාම පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙසයි නියෝග කර තිබෙන්නේ.









